Social Icons

Tuesday, July 1, 2014

බුදු හාමුදුරුවෝ කියන්නේ කව්ද?

දැන් මුලින්ම අප විසින් විමසා බැලිය යුතුයි කව්ද මේ සම්මා සම්බුදුරජාණන්වහන්සේලා කියන්නේ කියලා... සම්මා සම්බුදුරජාණන්වහන්සේලා පිළිබඳව පරිපූර්ණ විස්තරයක් කිරීමට මා තරම් නොවූවත් උන්වහන්සේලා ගැන මිනිසුන් වශයෙන් අප විසින් දැනගෙන සිටිය යුතු විශේෂ කරුණු කීපයක් ඔබ වෙත ගෙන ඒමට මා කැමතියි.

PN-Golden -Buddha -Painting -IJසම්මාසම්බුදුරජාණන්වහන්සේ, බුදු හාමුදුරුවෝ, බුදු රජාණන්වහන්සේ ආදී ලෙසින් අප හඳුන්වන මේ බුදු හාමුදුරුවෝ කියන්නේ කව්ද?
ඔබ නම් කියාවි බුදු දහමේ ශාස්තෘවරයන් වහන්සේ කියලා... නැතිනම් තවත් අයෙක් කියාවි ආගමික නායකයෙක් කියලා... තවත් අයෙක් කියාවි දාර්ශනිකයෙක් කියලා... තවත් අයෙක් කියාවි බුදු හාමුදුරුවෝ කියලා කෙනෙක් ඇත්තේම නැහැ කියලාත්... කොහොම වෙතත් මේ බුදු පියවරුන් ගැන යම් තරමකට හෝ දැන ගෙන සිටීම ඔබ සැමටම මිනිසුන් වශයෙන් වැදගත් වේවි කියලා මා සිතනවා...
ක්‍රිස්තියානි සහ කතෝලික ආගම් වල ජේසුතුමන්, ඉස්ලාම් ආගමේ අල්ලා දෙවියන්, හින්දු ආගමේ ඊශ්වර දෙවියන් ඇතුලු දෙවි වරුන් වගේ බුදු හාමුදුරුවෝ කියන්නේ බුද්ධාගමේ ශාස්තෘවරයා කියලා පිලිගැනීමක් ඇතිකරගෙන තියෙනවා...
මම කියනවා මෙය තමයි අපි බොහෝ දෙනෙකුට වැරදුන තැන කියලා... මම එහෙම කියන්නේ ඇයි කියලා ඔබට මේ සටහන අවසානයේදී ඔබේම නුවණින් වටහා ගන්නට හැකිවේවි...
දැනට බෞද්ධයෝ කියලා කියාගන්නා පිරිස හෙවත් නාමික බෞද්ධයෝ කියලා කියන්නට පුළුවන් පිරිසක් විසින් අපේ බුදු හාමුදුරුවෝ මෙහෙමයි අපේ බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා උන්වහන්සේ පෙන්වා දුන්නේ ආගමක් නෙවේය දර්ශනයක්ය උන්වහන්සේ දාර්ශනිකයෙක්ය ආදී ලෙසින් උදම් අනමින් අන්‍ය ආගමික ශාස්තෘවරුන් හෙලා දකිමින් පහත් කරමින් බුදු හාමුදුරුවෝ බෞද්ධාගමිකයන්ට පමණක් අදාල වස්තුවක් කරගනිමින් බෙදීමක් දැනටමත් ඇති කරලා තියෙනවා.
මේ වෙබ් අඩවියේ සැරිසරන්නට සැරසෙන ඔබ සැමට අපගේ උතුම් ගමන අරඹන්නට පෙර බුදු හාමුදුරුවෝ ගැන ඔබ විසින් මූලික වශයෙන් දැනගත යුතු දේ ගොනු කල යුතුයි කියලා මට සිත් වුනේ ඒ නිසාමයි...(නිර්වාන Page යෙන් උපුටා ගැනිමකි )

No comments:

Post a Comment

 
Blogger Templates