Social Icons

Tuesday, June 24, 2014

බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ගුණ

තෙරුවන් සරණයි!
බොහෝ පිරිස් උපතින් දෙමාපියන් බෞද්ධ නිසා බෞද්ධ වේ.නමුත් එය නිවරදි ලෙස බුදු සම්දුන් සරණ යෑම නොවේ.
අප පාසලේදී බුද්ධ දර්මය හැදෑරුවේ විශයක් ලෙස O/L විභාගයට තවත් A සමතක් ගැනීම සදහා පමනක් නොවෙද?ඉන් අවංකයෙන්ම අපගේ ජීවිතයට ලබා ගත් දෙයක් ඇත්ද?එකල මා දැන උන්නේ බුදු සමිදුන්ගේ ගුණ කට පාඩමින් ‘ඉතිපිසෝ භගවා’ යන අයුරින්ය.එහි තේරුමද නෙදැන සිටියේය.මා මෙන්ම බොහෝ පිරිසක් එසේ වු බව නොඅනුමානයි.

අපගේ පිනකට පහල වු පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ නිසා නිවදිව ඒහි අරුත් දැනගතිමි.පින්වත් ලොකු ස්වාමින් වහන්සේට බොහෝපින් අත්වේවා.
අන්ත වු ගුණ සමුදායකින් යුක්ත වූ අප බුදු සමිදානන් උන්වහන්සේගේ ගුණ නවයක් ඔස්සේ ප්‍රකාශ කල සේක.මන්ද ඒ සියළු වූ ගුණ දරාගැනීමට අප සිත් පුංචි වැඩි හෙයිනි.අප ඒ අසිරිමත් බුදු ගුණ අප මෙලෙස දැනගනිමු.ශ්‍රද්ධාව ඇති කරත්වා.
අප ‍ගේ බුදු සමිදුන්ගේ අරහං ගුණය
බුදු සමිදුන් සියළු කෙලෙසුන්ගෙන් මිදුනු සේක.රාග,ද්වේශය,මොහ දුරුකර නිකෙලෙස් වූ සේක.උන් වහන්සේ රහසින්වත් පව් නොකල සේක.උන් වහන්සේ රහතන් වහන්සේ නමකි.බුදු සමිදුන් සියළු දෙවි මිනිසුන්ගේ ආමිස පුජා,ප්‍රතිපත්ති පුජා ලැබීමට සුදුසු වන්නේය.අරහං බුදු ගුණෙන් යුතු බුදු රජානන් වහන්සේ අපි මුළු හදවතින්ම සරණ යමු.
අප ‍ගේ බුදු සමිදුන්ගේ සම්මා සම්බුද්ධ ගුණය
මේ ලොකයේ පවතින චතුරාර්ය සත්‍යය නම් වූ යථාර්ථය බුදු සම්දානන් විසින්ම අවබෝධය කරන ලද්දේ කිසිදු ගුරු උපකාරකින් තොරවය.
ඒ චතුරාර්ය සත්‍යය නම්
  • අව‍බෝධය කළ යුතුවු දුක නම් වූ ආර්යය සත්‍යය
  • ප්‍රහානය කළ යුතුවූ දුකේ හට ගැනීම නම් වූ ආර්යය සත්‍යය
  • සාක්ෂාත් කළ යුතුවූ දුකේ නිරුද්ධ විම නම් වූ ආර්යය සත්‍යය
  • ඒ සදහා ප්‍රගුණ කල යුතු වූ දුක නිරුද්ද වන ප්‍රතිපදාව නම් වූ ආර්යය සත්‍යය
සත්‍යය ඤාණ,කෘත්‍ය ඤාණ,කෘත ඤාණ ලෙස පරිවර්ථ 3 කින් ද ආකාර 12 යුතුව අවබෝධ කරගන්නා ලදි.ඒ සම්මා සම්බුදු ගුණෙන් යුතු වූ බුදු රජානන් වහන්සේ අපි මුළු හදවතින්ම සරණ යමු.
අප ‍ගේ බුදු සමිදුන්ගේ විජ්ජාචරණ සම්පන්න ගුණය
බුදු සමිදානන් යමක් අවබෝධ කලාද එයට ගැලපෙන සේම දිවි ගතකල සේක.අනන්ත වූ ඤාණයන්ගෙන් සමන්විත වූ බුදු සමිදුන් ඒ ඤාණයන්ට අනුවම දිවි ගතකල සේක.සොදුරු චරණ ධර්මයන්ගෙන් යුතු වූ සේක.ඒ විජ්ජාචරණ සම්පන්න ගුණෙන් යුතුවූ බුදු රජානන් වහන්සේ අපි මුළු හදවතින්ම සරණ යමු.
අප ‍ගේ බුදු සමිදුන්ගේ සුගත ගුණය
බුදු රජාණන් වහන්සේ සුන්දර මාර්ගයක ගමන් කර පරම සුන්දර වූ අම මහ නිවනට පැමිනි සේක.රාගය,ද්වේශය,මෝහය ආදී කෙලෙස් දුරු කිරීම පිනිස පවතින්නා වූ සීල ,සමාධි,ප්‍රඥාවෙන් යුතු වූ සුන්දර නිකෙලෙස් දිවියක් කරා යන්නා වූ ඒ ආර්යය අෂ්ඪාංග මාර්ගයේ වැඩම කොට විසිතුරු වු නිවන සාක්ෂාත් කල බැවින් උන්වහන්සේ සුගත නම් වන සේක.ඒ සුගත ගුණෙන් යුත් වූ බුදු රජානන් වහන්සේ අපි මුළු හදවතින්ම සරණ යමු.
අප ‍ගේ බුදු සමිදුන්ගේ ලෝක විදූ ගුණය
බුදු රජාණන් වහන්සේ සියළු ලෝක ගැන දන්නා සෙක.දක්නා සේක.අවබෝධ කල සේක.සියළු ලෝක තුල උන්වහන්සේට රහසක් නැත.සියල්ල අවබෝධ කල සේක.සියළු රහස් හෙලිකල ලෝක විදූ ගුණෙන් යුතු වූ බුදු රජානන් වහන්සේ අපි මුළු හදවතින්ම සරණ යමු.
අප ‍ගේ බුදු සමිදුන්ගේ අනුත්තරෝ පුරිසදම්ම සාරථි ගුණය
අකීකරු දෙවි මිනිසුන් කිසිදු හිංසාවකින්,පිඩාවකින් තොරව මේ දහමින් දමනය කල සේක.ඒ සදහා වෙන කිසිවෙකුට නොමැති තරම් දියුනු වූ ප්‍රාතිහාර උන්වහන්සේ සතුව තිබූසේක.ඒ අනුත්තරෝ පුරිසදම්ම සාරථි ගුණෙන් යුත් වූ බුදු රජානන් වහන්සේ අපි මුළු හදවතින්ම සරණ යමු.
අප ‍ගේ බුදු සමිදුන්ගේ සත්ථා දේවමනුස්සානං ගුණය
සියළු දෙවි මිනිසුන්ගේ එකම මග පෙන්වන්නා වූ ශාස්තූන් වහන්සේ වන සේක.ඒ සම්බුදු සමිදුන් පිළිබද ව සිත පහදා ගමු.සත්ථා දේවමනුස්සානං ගුණෙන් යුත් වූ බුදු රජානන් වහන්සේ අපි මුළු හදවතින්ම සරණ යමු.
අප ‍ගේ බුදු සමිදුන්ගේ බුද්ධ ගුණය
බුදු රජානන් වහන්සේ අ‍වබෝධ කරගත් ඒ ශ්‍රී සද්ධර්මය මනාකොට දේශනා කිරීමේ හැකියාව උන්වහන්සේ සතුවිය.පිරිසිදු නිවන් මග මනාකොට දේශනා කරන ලදී.ඒ බුද්ධ ගුණෙන් යුතු වූ බුදු රජානන් වහන්සේ අපි මුළු හදවතින්ම සරණ යමු.
අප ‍ගේ බුදු සමිදුන්ගේ භගවා ගුණය
සියළු දේ අවබෝධ කර ගැනීමට කරම් උන්වහන්සේ භාග්‍යවන්ත වන සේක.අනන්ත වූ ගුණයෙන් , ප්‍රඥාවෙන්,සමාධියෙන් ,සීලයෙන් සමන්විත වීමට තරම් භාග්‍යවන්ත වන සේක.ඒ භගවා ගුණෙන් යුතු වූ බුදු රජානන් වහන්සේ අපි මුළු හදවතින්ම සරණ යමු.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

No comments:

Post a Comment

 
Blogger Templates