තෙරුවන් සරණයි !
අප ගේ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා.එදා ඒ පස්වග මහණුන් අරඹයා බරණැස ඉසිපතන නම් වූ මිගදායේ සිට අවදි වූ ඒ අසිරිමත් සදහම් ස්වරය පුරා වසර හතලිස් පහක් පුරාවට ම ලෝ සතුන්ගේ සිත් සතන් නිවා සනහාලමින් අමා දම් රස ලබා දුන්නා.
ඒ ශ්‍රී සද්ධර්මය ලොව පවතින අනෙකුත් විෂය පථයන් ඉක්මවා යන අනන්ත ගුණයන්ගෙන් යුක්තයි.ලෝකයේ කිසිදු විෂය පථයක නොමැති ඒ අසිරිමත් ගුණ අතුරින් ගුණ හයක් ඇසුරෙන් බුදු සමිදුන් ශ්‍රී සද්ධර්මය පිළිබදව පැහැදිලි කොට දුන්නා.මේ ගුණ හය බුදු දහමේ හැර ලෝකයේ කිසිදු දහමක් තුළ හෝ කිසිදු විෂයයක් තුළ දැකිය නොහැකියි.ඒ නිසා ම යි අප ඒ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය නම් වූ වටිනා රත්නය ආදරයෙන් සරණ යන්නේ.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ස්වක්ඛාත ගුණය.
මේ ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා කරන ලද්දක්.එහි මුල,මැද,අග මනාව ගැලපෙනවා.සීල,සමාධි,ප්‍රඥා වශයෙන් අනුපිළිවෙලින් ගොනු වූ මේ අසිරිමත් දහම අර්ථ සහිතවම වදාරන ලද්දකි.කාටවත් නොතේරෙන පෙහෙලිකා මේ ධර්මය තුල නැහැ.ක්‍රමයෙන් ගැබුරට යන අයුරින් අතිශයෙන්ම පරිපූර්ණ වු පාරිශුද්ධ වූ නිකෙලෙස් ජීවිතයකට මග පෙන්වන ස්වභාවයෙන් යුක්තයි.
මේ අයුරින් අපගේ ශාස්තෘන් වහන්සේ මනා කොට දේශනා කොට වදාල මේ ධර්මයට අමුතුවෙන් දේවල් එකතු කල යුත්තේ නැහැ.මෙවන් වූ මනාකොට දෙසන ලද ශ්‍රී සද්ධර්මය ස්වක්ඛාත ගුණයෙන් යුක්තයි.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ සන්දිට්ඪික ගුණය.
මේ ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි එකක්.ධර්මයේ හැසිරෙන කාහටත් එහි සත්‍යය අසත්‍යය දැකිය හැකියි.මේ තුල අන්තර්ගත වන්නේ මේ දිවියේදීම සාක්ෂාත් කළ යුතු දෙයක් මිස මරණින් පසු ලබන්නා වූ විමුක්තියක් නොවේ.
ඒ අයුරින් ධර්මයේ හැසිරෙන අයට මේ ජිවිතයේ දීම ඒකාන්තයෙන් ම ප්‍රතිඵල ලැබිය හැකියි.ඒ නිසයි මේ ශ්‍රී සද්ධර්මය සන්දිටිඪීක වන්නේ.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ අකාලික ගුණය.
මේ ශ්‍රී සද්ධර්මය කාලයේ පහර කෑමට කිසිවිටක හසුවන්නේ නැහැ.එයට හේතුව සියලු කාලයට ගැලපෙන සත්‍යයක් අඩංගු වීමයි.කාරණා සහිතව මේ ශ්‍රී සද්ධර්මය අදට නො ගැලපෙන බව පවසන්නට හැකි අයෙක් තවම බිහිවී නැහැ.එය කිසිදාක සිදු නොවන්නෙකි.අදටත් මේ ධර්මයට අනුව දිවිය ගත කරනා පින්බර මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කර සංසාර දුකින් නිදහස් විය හැකියි.එවන් වූ අකාලික ධර්මය අපි සරණ යමු.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඒහිපස්සික ගුණය.
බුදු සමිදුන්ගේ ශ්‍රී සද්ධර්මය ඕනෑම කෙනෙකුට ඇවිත් බලන්න යැයි කිවිය හැකි ධර්මයකි.මේ ශ්‍රී සද්ධර්මය විවෘත එකකි.ඒ තුල රහස් බණක් නොමැත.මේ ධර්මය අවබෝධ වන්නේ හුදු ඇදහීමක් තුළින් නොවේ.ඇදහීම ඉක්මවා ගිය නුවනින් විමසීම තුළිනි.ඒ නිසා අප ඒහිපස්සික ගුණයෙන් යුතු ශ්‍රී සද්ධර්මය සරණ යමු.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඕපනයික ගුණය.
මේ ධර්මය තමන් තුලට පමුනුවා ගත යුත්තකි.එනම් දැකිය යුත්තේ තමා තුලිනි.තමන් මේ දහම් මගෙහි ගමන් කළ හොත් මග ඵල ලබන්නේ තමන්ය.මේ ඕපනයික වූ ධර්මය වහ වහා අප දිවියට පමුණුවා ගැනීමට උත්සහ කරමු.
ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුහි ගුණය.
ඕනෑම ජාතියක,කුළයක,ගෝත්‍රයක සිටිනා බුද්ධිමත් මිනිසුන්ට මෙය අවබෝධ කල හැකිය.කපටි නැති,මායා නැති,වංචා නැති,අවංක ගති ඇති ඕනෑම කෙනෙකුට මේ දහම තුළ ප්‍රතිඵල පැබිය හැකියි.මේ දහම තම තම නැණ පමණින් අවබෝධ වන්නෙකි.එනිසා මේ සුන්දර ධර්මය තම තම නැණ පමනින් අවබෝධ කර ගැනීමට වීර්යය කරමු.
මෙලෙස අසිරිමත් ගුණෙන් සපිරි ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපි මුළු හදවතින්ම සරණ යමු.

No comments:
Post a Comment