Wednesday, July 16, 2014
Sunday, July 13, 2014
සැබෑ ආරක්ෂාව රැකවරණය යනු?
සම්මත ලෝකයේදී යම් පුද්ගලයෙකුගේ හෝ වේවා යම් ද්‍රව්‍ය වස්තුවක හෝ වේවා ආරක්ෂාව පිළිබඳව රැකවරණය පිළිබඳව කියන්නාවූ කරුණ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පුදුමාකාරයෙන් දැවීමකට අසහනයට පත්වෙලා සිටිනවා. ඒ හේතුව නිසාම නීතියට පරිපාලනයට දොස් තබමින් සිත, කය, වචනය මෙහෙයවා කටයුතු කරන තත්වයට පත්වෙනවා. එහෙම නේද?
Wednesday, July 9, 2014
අටලෝ දහම වෙනස් කිරීමට කවර ශක්තියකටවත් නොපුළුවන
රත්නපුර සිවංකර හිමි
මිහිකත අඳුරු සළුපට පොරවා ගන්නා යාමයේ දුහුල් සළුවෙන් සිරුර වසාගත් ඇය හුදකලාවම යන්නේ කොහේද? නෙත් සිත් වසඟයට පත් කරවන සුළු රූපයෙන් යුත් ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ ඇයගේ හැසිරීම් විලාසය නිසාය. රූපය හා බැඳුණු හැසිරීම් රටාවකින් යුත් ඈ දකින්නාගේ සිත් වසඟ කරවන උපායක් දැන සිටින්නීය. එවන් රුසිරු ළඳක් සන්සුන්ව පියවර තබමින් කාහටවත් නොදැනෙන ලෙසින් ගනදුර හා එක්ව මේ යන රහස් ගමන කුමක් විය හැකිද? දැන් දැන් දුටුවන්ගේ සිත්වල කුතුහලය නැගෙමින් පවතී. සැබැවින්ම කෙසේනම් මෙබන්දක් විය හැකිද? තමන්තුළ එවැනි පසුබිමෙක හදිසියේ ඇය අතුරුදන් වීම කාගේත් කුතුහලය දල්වන්නට හේතු විය. ඇය පිළිබඳ සියලු රහස් ගනඳුර ගිලගන්නා බඳුය. කුතුහලයේ ගිනි දැල් ප‍්‍රදේශය පුරා නැගෙමින් පවතී.
ආලවක දමනය
අප ස්වාමී වූ තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි සමවත් සුවයෙන් වැඩ සිටින සමයෙක, අලුයම් භාගයෙහි, තුන්ලෝකවාසී සකල සත්වයා කෙරේ පතල වූ මහා කරුණා ගුණයෙන් යුක්තව, "අද කවරෙකුට නම් පිහිට වම්දැ"යි කරුණා නෙත විහිදුවාලූ සේක. එකල්හි අනාගාමී ඵලයට තරම් පින් ඇති "අලව්" නම් පින්වත් ලදරු කුමාරයෙක්, අලව් නුවර බියෙන් අලවා වූ "ආලවක" නම් දරුණු යක්ශයෙකුගේ ගොදුරු බවට පත් වන්නා වූ සැටි බුදු නෙතින් දකින සේක. ආලවක යක්ශ තෙමේද, පෙර භවයක කරනා ලද අකුශල කර්මයක් හේතුකොට මනුශ්‍ය මාංශයට ලැදියේ නමුත්, සෝවාන් ඵලයට තරම් ගුණ ඇත්තෙකි. කරුණු එසේ හෙයින් අමා මෑණී මහා කාරුණිකයාණෝ "දෙදෙනාටම පිහිට වම්හ"යැයි සිතා, තමන්
වහන්සේගේ ගද කිළියෙන් නික්මව, තනිවම පා ගමනින් අලව් නුවර ආලවක යක්ශ භවන වෙත නික්මුණ සේක.
Thursday, July 3, 2014
සතර පෝය
ශාස්ත්‍රපති
දොඩම්පහල ශ්‍රී රාහුල හිමි
_____________________
අප හතර පෝයටම පන්සල් ගිය අය. අප හතර පෝයටම සිල් ගත්ත අය. මේ හතර පෝය අපට ලැබෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. බටහිර දින දර්ශනයෙත් හතර පෝය දක්වා තිබෙනවා. නමුත් චන්ද්‍ර මාස ක්‍රමයට හතර පෝය හිමි වන්නේ - චන්ද්‍රයාගේ කලාවත් අනුවයි. පෑළවිය, දියවක, තියවක, අටවක, විශේනිය ආදී වශයෙන් පසළොස්වක දක්වා අව 15 ක් දක්නට තිබෙනවා. පසළොස්වක පොහොයෙන් පසුව ඊට පසු දින සිට අප හඳුන්වන්නේ අව පෑළවිය, අව නවවක, අව එකොළොස්වක ආදී වශයෙන් බැසගෙන ගොස් අව පසළොස්වක (අමාවක) වශයෙන් දින ගණනය කරනවා. සඳ නොමැති අමාවක් පොහෝ දිනයන් අප ආගමික දිනයක් ලෙස සලකනවා. පුර අටවක පොහොයත්, පුර පසළොස්වක දිනයත්, අව අටවක දිනයත් සතර පෝය ලෙස අප හඳුන්වනවා
දොඩම්පහල ශ්‍රී රාහුල හිමි
_____________________
අප හතර පෝයටම පන්සල් ගිය අය. අප හතර පෝයටම සිල් ගත්ත අය. මේ හතර පෝය අපට ලැබෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. බටහිර දින දර්ශනයෙත් හතර පෝය දක්වා තිබෙනවා. නමුත් චන්ද්‍ර මාස ක්‍රමයට හතර පෝය හිමි වන්නේ - චන්ද්‍රයාගේ කලාවත් අනුවයි. පෑළවිය, දියවක, තියවක, අටවක, විශේනිය ආදී වශයෙන් පසළොස්වක දක්වා අව 15 ක් දක්නට තිබෙනවා. පසළොස්වක පොහොයෙන් පසුව ඊට පසු දින සිට අප හඳුන්වන්නේ අව පෑළවිය, අව නවවක, අව එකොළොස්වක ආදී වශයෙන් බැසගෙන ගොස් අව පසළොස්වක (අමාවක) වශයෙන් දින ගණනය කරනවා. සඳ නොමැති අමාවක් පොහෝ දිනයන් අප ආගමික දිනයක් ලෙස සලකනවා. පුර අටවක පොහොයත්, පුර පසළොස්වක දිනයත්, අව අටවක දිනයත් සතර පෝය ලෙස අප හඳුන්වනවා
සිදුහත් බෝසතාණන් වහන්සේගේ සත්ව කරුණාව
දවසෙක
බෝසතාණෝ තමන්ගේ කෙළිමඬලෙහි සිට එන්නාහු තමා ඉදිරියෙහි කිසිවක් වැටුණා දැක
දිවැ ගොස් බැලූහ. ඒ අත හැන්දෙක ඊයක් ඇනී බිමැ වැටුණු හංසයෙකි. බෝසතාණන්
වහන්සේ වහාම ඊය ගළවා දමා ඌ රැගෙන රජගෙය
දෙසට ගියහ. දෙව්දත් කුමරු තමා විද හෙලූ 'හංසයා කොහි දැ?'යි සොයා එනුයේ
සිදුහත් කුමරුන් අතෙහි ඉඳිනු දැක 'ඔය හංසයා මගෙයි, මා ඊයෙන් විද බිම හෙලු
එකා'යි කියා ඌ ඉල්ලීය. බෝසතාණෝ ඌ නොදීම ගෙන ගියහ. උගේ තුවාලයට බෙහෙත් කළහ.
මතු බුදු වන බුදුරජණන්වහන්සේලා දස නම
ගෞතම
බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත්
‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන්
මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
Wednesday, July 2, 2014
සම්මා සම්බුද්ධ ගුනය
අම්බලංගොඩ,
කහව ගල්දූව ආරණ්‍ය සේනාසනවාසි
කහගොල්ලේ සෝමවංශ හිමි
කහව ගල්දූව ආරණ්‍ය සේනාසනවාසි
කහගොල්ලේ සෝමවංශ හිමි
සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධොඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක.
ඊළඟ පුර පසළොස්වක පෝය දක්වාම මෙම භාවනාව පුරුදු පුහුණු කරගත යුතුය. මෙහි ප්‍රථම පාඩම පසුගිය මාසයේදී ඉදිරිපත් විය. මේ එහි දෙවැනි පාඩමයි. දවස පුරාම “ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධො” කියා මෙනෙහි කරන්න. එහි අර්ථය පහත දැක්වේ. එම කොටස සජ්ඣායනා කරන්න. මතක තබා ගැනීමට උත්සාහවත් වෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා වාගේ දැනේවි.
බොදු දිවි පෙවෙත හඳුනා ගනිමු
බළන්ගොඩ නළුවෙල
ශ්‍රී‍්‍ර පි‍්‍රයදර්ශන මහා විහාරාධිපති
ත්රිපිටකධර්ම විශාරද
ගෞරව ශාස්ත්‍රවේදී
බළන්ගොඩ ජිනරතන නා හිමි
ශ්‍රී‍්‍ර පි‍්‍රයදර්ශන මහා විහාරාධිපති
ත්රිපිටකධර්ම විශාරද
ගෞරව ශාස්ත්‍රවේදී
බළන්ගොඩ ජිනරතන නා හිමි
නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යෝ පාණමතිපාතේතී
මුසාවාදඤ්ච භාසතී
ලෝකේ අදින්නං ආදියති
පරදාරඤ්ච ගච්ඡති
සුරාමේරය පානඤ්ච
යො නරෝ අනුයුඤජති
ඉධේව මේ සෝ ලෝකස්මිං
මූලං ඛණති අත්තනෝ
(ධම්මපදය මලවග්ගය 12, 13)
නැණවතුන් පසසන මහඟු යුතුකම
ආණමඩුව වෙම්බුවැ ශ්‍රී වර්ධනාරාමයේ
හිදව සෝභිත හිමි
හිදව සෝභිත හිමි
අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ. තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.
“නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
යො මාතරංවා පිතරංවා -
මච්චො ධම්මෙන පොසති
තායං න පාරිචරියා -
මාතා පිතූසු පණ්ඩිතා
ඉධවෙ නං පසංසන්ති -
පෙච්ච සග්ගෙ පමොදති.
පින්වත්නි,
මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ටත් අනුන්ටත් හිතකර මෙලොවත් පරලොවත් දියුණුව සලසන උතුම් දහමකි. ධර්මෝපදේශ රාශියක් අන්තර්ගත එහි ඒ හැම උපදේශයක්ම නුවණැති උත්සාහවත් මනුෂ්‍යයකුට ක්‍රියාත්මක කළ හැකි වේ. එබඳු ඉගැන්වීම් දෙස බලන බුද්ධිමත් නූතනලෝකයා පවා අදත් බුදුදහම කෙරෙහි සිත් ඇද ගනිති. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව සත්ව ජීවිත කෙරෙහි බලපාන සාධක රාශියක් තිබේ.

සත්වයා විසින් කරනු ලබන කර්ම ඔහුගේ ජීවිතය කෙරෙහි බලපාන ප්‍රධානම සාධකය වෙයි. සුබ මානවකයාගේ පියා වූ තෝදෙය්‍ය බමුණාගේ ජීවිතය ඊට නිදසුනක්. පුද්ගලයා කරන හොඳ, නරක ක්‍රියාවන්ට ලැබෙන විපාකවලට වගකිවයුත්තේ ද එම පුද්ගලයාම බව චුල්ල කම්ම විභංග සූත්‍රයේ පැහැදිලි කර තිබෙනවා. තමාගේ විමුක්තිය ඇත්තේ තමා තුළම බවත්, අනිත් කෙනෙකුට තමාගේ විමුක්තිය සලසාදීමට නොහැති බවත් දමනය කර ගන්නා ලද පසිඳුරන් ඇති තමා විසින්ම දුර්ලභ වූ නිවන් සුවය අත්පත් කරගන්නා බවත් කුමාරකාශ්‍යප මාතාව නිමිති කරගෙන දේශනා කර තිබේ.
පින්වතුනි, මෙලොව ජීවත්වන අප හැම කෙනෙක්ම කුඩා අවදියේ සිට මරණය දක්වාම ජීවිතයේ විවිධ අවස්ථා පසු කරනවා. ඒ ඒ අවස්ථාවලදී ඉටු කළ යුතු අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ.
තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.
සමාජයේ ජීවත්වන ඒ ඒ පුද්ගලයන් සතු යුතුකම් මොනවාදැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. එම සිඟාලෝවාද සූත්‍රයේ දී මව්පිය, දූ දරු, ගුරු, ශිෂ්‍ය, ස්වාමි, භාර්යා, හිත, මිතුරු, ස්වාමි, සේවක, ගිහි පැවිදි යනුවෙන් මුළු සමාජයම දිසා වශයෙන් හයකටත් පුද්ගලයන් වශයෙන් කොටස් දොළහකටත් බෙදා ඒ ඒ පුද්ගලයන්ගෙන් ඉටු විය යුතු යුතුකම් සියල්ල උගන්වා තිබේ. එමකොටස්වලට ඇතුළත් නොවන කිසිවෙක් මනුෂ්‍යයන් අතර නැහැ.
මේ යුතුකම් මඟින් සමාජයට අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ කර තිබේ. සිගාල ගෘහපති පුත්‍රයාට බුදුරදුන් වදාළ සදිසා පිළිබඳ සියලු කරුණු එක්කොට ගත්විට වගකීම් හා යුතුකම් අතර ඇති සම්බන්ධය පැහැදිලි වේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සදිසාවෙන් එක් දිශාවක් පෙන්නුම් කළේ දෙමාපියන් පිළිබඳවය. උන්වහන්සේත් එම උදාර ගුණය පුරුදු කළහ. බෝධිසත්ව කාලයේ දීත් බුද්ධත්වයෙන් පසුවත් මව්පිය උපස්ථානය ආදර්ශයෙන් පෙන්නුම් කළහ. මාතු පොසක ජාතකය, සාම ජාතකය ඊට නිදසුන්ගෙන් කීපයකි. තථාගතයන් වහන්සේ පස්වැනි වස ගත කළ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ දී දිනක් මහා කරුණා සමාපත්තියෙන් ලොව බලද්දී ශුද්ධෝදන මහ රජතුමා දැඩි ලෙස රෝගාතුරව මරණ මඤ්චකයෙහි සිටින බව දැන ගත්තා එදිනම උන්වහන්සේ භික්‍ෂු පිරිසකුත් සමග කිඹුල්වත්පුර රජ මාලිගාවට වැඩමවා පිය රජුගේ ඇඳළඟ පනවන ලද අසුනෙහි වැඩහිඳ පියාගේ හිසට දකුණත තබා සත්‍ය ක්‍රියා කළහ. විගස හිසේ වේදනාව දුරු වී ගියේය. සත්‍ය ක්‍රියා කරත්ම රජතුමාගේ සියලුම ශාරීරික වේදනා දුරුවී ගියහ.
අනතුරුව සතුටට පත් පියාණන්ට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයක් දේශනා කළ විට එතුමා උතුම් වූ රහත් ඵලයට පත් වූහ. තම මවට සැළකීම සඳහා තව්තිසා දිව්‍ය ලෝකයට වැඩඬම කර විජම් බණ, දේශනා කර මාතෘදිව්‍ය රාජයා ඇතුළු දේව සමූහයාට ශාන්තිය සැලැස්වූහ. පින්වතුනි අපේ අම්මාගේ තාත්තාගේ දරු සෙනෙහස සිවියත් සමත්, මසත්, නහරත්, ඇටත්, විනිවිද ගොස් එයින් නොනැවතී ඇට මිදුලුව හැපී පවතී . මවුපියන් විසින් දූ දරුවන් ඇති දැඩි කරනුයේ දහසක් පැතුම් සිත තුළ රඳවාගෙනය. එයින් බලාපොරොත්තු පහක් ගැන සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කොට තිබේ. මවුපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු කරදීම, පරපුර ආරක්‍ෂා කිරීම, මව්පියන් දුන් ධනය රැකීම සහ මියගිය දෙමාපියන්ට පින්දීමය.
එම කරුණු පහෙන් දරුවන් දෙමාපියන්ට සංග්‍රහ කළ යුතුව තිබේ. දූ දරුවන්ගෙන් මෙම සංග්‍රහ ලැබීම දෙමාපියන්ගේ අයිතියකි. ඒ කරුණු එසේ ඉටු කිරීම දරුවන්ගේ යුතුකම සහ වගකීම වේ. දූ දරුවන් කෙරෙහි ඉටු කළ යුතු දෙමාපියන් සතු යුතුකම් ඉටුවන විට එම දූදරු, මව්පිය දෙපක්‍ෂය අතර අන්‍යොන්‍ය සමගිය හා සාමය ඇති වේ. යහපත් සමාජයක් ගොඩනැඟීමේ පදනම එයින් ඇති වේ. ආචාරශීලී ගුණ ගරුක දෙමාපියන්ගේ දරුවන් යහපත් ගුණවතුන් වේ.
මංගල සූත්‍රයේ දී දෙලොව දියුණුව ඇති කරන කරුණු දේශනා කරන බුදුරජාණන් වහන්සේ ‘මාතා පිතූ උපට්ඨානං’ මවුපිය උපස්ථානය මංගල කරුණක් බව දේශනා කර තිබේ. ‘යො මාතරං වා පිතරංවා ජිණ්ණකං ගත යොබ්බනං පහුසන්තො නභරති’ යනුවෙන් යම්කිසි දරුවෙකු පිළිවන්කම තිබියදී තම මවුපිය දෙදෙනාට නොසලකන්නේ නම් එය වසල වූ පහත් ගතියක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
මේ කරුණු ගැන මෙනෙහි කර මව්පිය දෙපළ වෙනුවෙන් කළයුතු යුතුකම් නොපමාව ඉටු කරන්න. අපි මවුපියන් හට හොඳින් සලකා මෙම උදාර බෝධිසත්ව ගුණය දියුණු කොට ඒ පින් බෙලෙන් අමාමහ නිවන් සම්පත් ප්‍රාර්ථනා කර ගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි.
දැමුණු සිත සදන සෙත
උට්ඨාන වීර්යයෙන් ද,
අප්‍රමාදයෙන් ද
චතුපරිශුද්ධ සීල
සංවරයෙන් ද, ඉන්ද්රිය දමනයෙන් ද යුක්ත වූ තැනැත්තා කෙලෙස් සැඩපහරට යට
නොවන රහත් ඵලය නමැති
දිවයින තනාගනී.
හබරණ වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර සමණධම්ම හිමි
මැල්ලවගෙදර සමණධම්ම හිමි
නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
උට්ඨානේනප්පමාදේන
සඤ්ඤමේන දමේනච
දීපං කයිරාථ මේධාවි
යං ඕඝෝ නාභි කීරති
(ධම්මපදය අප්පමාදවග්ගය
5 ගාථාව)
Tuesday, July 1, 2014
සියලු බුදුවරුන්ගේ අනුශාසනාව
හබරණ වෙහෙරහේන යෝගාශ්‍රමයේ
මැල්ලවගෙදර සමණ ධම්ම හිමි
මේ සසර ජීවත්වන සත්වයා විඳීන්නෙ අනන්ත දුකක්. තමන්ට ලැබෙන යම් දෙයක් සැපතක් කියා සිතුවත් එහි අවසානය දුකක්. අපි සසර පුරාම ඇවිදින්නෙ මේ දුක් කරගහගෙන. මේ දුක්ගොන්න බිම තියන්න හැකිවුණොත් එදාට අපට මේ සසර නිම වීමේ නවාතැන වන නිර්වාණ ධාතුවට සමීප වීමේ හැකියාව ලැබෙනව.
උතුම් ම ලාභය නිරෝගීකම යි

බෙලිඅත්ත කහවත්ත පුරාණ රාජමහා විහාරාධිකාරී,
ශාස්ත්‍රපති ඕමාරේ පුඤ්ඤසිරි හිමි
ආරොග්‍යමිච්ඡෙ පරමඤ්චලාභං
සීලඤ්ච වුද්ධානු මතං සුතඤ්ච
ධම්මානුවත්තී ච අලීනතාච
බුදුරජාණන් වහන්සේ කුසගින්න වනාහි බරපතල ම රෝගය (ජිගච්ඡා පරමා රොගා) ලෙසින් ද, සෑම සත්ත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද (සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා) පෙන්වා දී ඇත. ආහාර ගැනීම මෙන් ම ආහාර පාලනය බොහෝ රෝගවලට සමබරතාව ලෙස ද පෙන්වා දී ඇත. (ආයුවඩ්ඪන සූත්‍රය) පාලනයෙන් යුතුව ආහාර ගැනීමෙන් ශරීර සමබරතාව මෙන් ම ආයුෂ පාලනය ද සිදු වන බව පෙන්වා දී ඇත. එම නිසා ශරීරයට යෝග්‍ය ආහාර ගැනීමත්, අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමත්, නිරෝගි සම්පන්න ජීවිතයකට අවශ්‍ය අංගයකි. චර්යාවකි
මෙම විශ්වයේ අති විශිෂ්ටතම නිර්මාණය මිනිසා ය. උසස් මනසක් ඇති ජීවියා ද මිනිසා ය. ස්වභාව ධර්මය නැතිනම් ප්‍රකෘතිය වෙනස් කළ හැකි සත්ත්වයා ද මිනිසා ය. එබැවින් සෙසු ජීවීන් මෙන් නොව මිනිසාගෙන් ලෝකයට සිදුවිය යුතු සේවාව අතිමහත් ය. එම සේවාව නො පිරිහෙළා ඉටුකිරීමට මිනිසා නිරෝගිමත්ව ජීවත් විය යුතුය. මිනිසා නිරෝගි නො වූ විට ලෝකය ද නිරෝගි නොවනු ඇත. මිනිසාගේ නිරෝගිමත් භාවය යනු සමාජයේ නිරෝගිමත් භාවය යි.

දුරාතීතයේ සිට ම මිනිසා ව්‍යාධීන්ගෙන් තොරව ජීවත් වීමට උත්සාහ ගෙන ඇත. බොහෝ විට අතීත මිනිසා තම ජීවිතයට එළඹෙන එක් උවදුරක් ලෙසින් ලෙඩ රෝග සැලකූ අතර නොපෙනෙන බලවේග විසින් එය ඇති කරන ලද්දක් බව ද විශ්වාස කළ බව පෙනේ. යක්ෂ, භූත හා දේව සමූහයාගේ සෘජු මැදිහත් වීමෙන් ව්‍යාධීන් හටගන්නා ලදැයි සිතූ අතර එයින් මිදීමේ මාර්ගයක් ලෙස පුද පූජා පැවැත්වීම, යාතුකර්ම හා ශාන්තිකර්ම මගින් උවදුරු දුරලා නිරෝගිකම ලබා ගැනීමට උත්සාහ කළ බව පෙනේ.
මිනිසා වෙත පැමිණෙන ව්‍යාධීන්හි ස්වභාවය වටහා දීමට නොයෙක් ආගම් උත්සාහ ගත් අතර බුදු සමය වඩාත් තාර්කිකවත්, ප්‍රතිපත්තිමය සාධක පදනම් කොට ගෙන මිනිසාගේ කායික මානසික රෝග පැහැදිලිව හඳුනාගනිමින් එයට මූලික වූ කරුණු මෙන් ම, නිවාරණ ක්‍රමවේදයන් ද පෙන්වා දෙනු ලැබී ය. “ආරෝග්‍ය පරමා ලාභා” මිනිසාට ලැබෙන උතුම් ම ලාභය නිරෝගි බව යැයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. උන්වහන්සේ නිරෝගිකම නිරතුරුව රැක ගැනීම පිණිස මිනිසාගේ පැවැත්ම කෙසේ සකස් වියයුතු ද යන කාරණය සිය දේශනාවලින් ලෝකය වෙත පෙන්වා දුන්හ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම බුදුන් වහන්සේ නිරතුරුව ම අගය කළහ. සියලු ම මානව වර්ගයාගේ නිරෝගී තත්ත්වය වර්ධනය කර ලීමට හේතුවන පොදු ක්‍රමවේදයක් බුදුරදහු පෙන්වා දුන්හ. මානසික සෞඛ්‍යය සහ කායික සෞඛ්‍යය සමබරව පවත්වාගෙන යාමෙන් අපගේ පෞද්ගලික ජීවිතය හා සමාජ ජීවිතය ද සාර්ථක කරගත හැකිය.
අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේ දී මිනිසාට වැළඳෙන ප්‍රධාන රෝග දෙකක් ගැන සාකච්ඡා කොට ඇත. එනම් කායික රෝග සහ මානසික රෝග වශයෙනි. අප ශාරීරික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරනවා සේ ම මානසික සෞඛ්‍යය පිළිබඳවත් අවධානය යොමුකළ යුතු ය. මානසික සෞඛ්‍යය සහ ශාරීරික සෞඛ්‍යය යන දෙක එකට බැඳී ඇත. ශාරීරිකව පිරිහුණු විට මානසිකව ද පිරිහේ.
මානසිකව ලෙඩ වූ විට ශාරීරිකව ද ලෙඩ වේ. එම නිසා නිරන්තරයෙන් ම නිරෝගීව ජීවත් වීමට උත්සාහ ගත යුතුය. බුදුරජාණන් වහන්සේ කුසගින්න වනාහි බරපතල ම රෝගය ( ජිගච්ඡා පරමා රොගා ) ලෙසින් ද, සෑම සත්ත්වයෙකුම ආහාරයෙන් ජීවත් වන බව ද ( සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා ) පෙන්වා දී ඇත. ආහාර ගැනීම මෙන් ම ආහාර පාලනය බොහෝ රෝගවලට සමබරතාව ලෙස ද පෙන්වා දී ඇත. ( ආයුවඩ්ඪන සූත්‍රය) පාලනයෙන් යුතුව ආහාර ගැනීමෙන් ශරීර සමබරතාව මෙන් ම ආයුෂ පාලනය ද සිදු වන බව පෙන්වා දී ඇත. එම නිසා ශරීරයට යෝග්‍ය ආහාර ගැනීමත්, අවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීමත්, නිරෝගි සම්පන්න ජීවිතයකට අවශ්‍ය අංගයකි. චර්යාවකි.
අධික ආහාර ගැනීමෙන් සිදුවන හිරිහැර පිළිබඳව සහ ආහාර පාලනයෙහි හෙවත් පමණ දැන බොජුන් ගැනීමෙහි අගය සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ සඳහන් වේ. පමණ දැන ආහාර ගන්නා තැනැත්තාගේ දුක් වේදනාව නැතිවේ. ආයුෂ වැඩිවේ.
භික්ෂූන් වහන්සේලාට අදාල ආචාර ධර්ම අනුව ආහාර ගැනීමේ පිළිවෙල සේඛියාවල අන්තර්ගත වේ. ආහාර ගනිමින් කතා කිරීම, මුඛයට ආහාර විසි කිරීම, ආහාර හක්කේ තබාගෙන වැළඳීම, අත ගසා දමමින් වැළඳීම, ශබ්ද නගමින්, අත ලෙවකමින්, තොල් ලෙවකමින් වැළඳීම වැනි ක්‍රියාවන් නොකළ යුතු යැයි පෙන්වා දී ඇත. පථ්‍ය, ගුණදායක ආහාර ගැනීම නිරෝගී බවට හේතුවන බවත් අපථ්‍ය ආහාර ගැනීම ලෙඩ රෝගවලට හේතුවන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.
බුදුසමය නිරෝගිමත් ජීවිතය අගය කළ අතර ම රෝගියකු කෙරෙහි සමාජයේ සැමගේ අනුකම්පාව හා දයාව ලැබිය යුතුයැයි බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් ම පෙන්වා දුන්හ. ( යො භික්‍ඛවේ මං උපට්ඨෙය්‍ය සො ගිලානං උපට්ඨෙය්‍ය) යමෙක් මට උපස්ථාන කරන්නේ ද හෙතෙමේ ගිලනුන්ට උපස්ථාන කළා වෙයි. සමාජයේ කිසිවකුගේ අනුකම්පාව නො ලැබූ “පූතිගත්තතිස්ස’ භික්ෂුවට බුදුරදහු සියතින් ම උපස්ථාන කරමින් සුවපත් කිරීමට උත්සාහ ගත්හ. මහා කස්සප ථෙර බොජ්ඣංග සහ මහා මොග්ගල්ලාන ථෙර බොජ්ඣංග සූත්‍රවලින් පැහැදිලි වන ආකාරයට මහා කාශ්‍යප හා මහා මොග්ගල්ලාන වැනි මහ තෙරවරුන්ට රෝගාබාධ හටගත් අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානවලට වැඩ ම කොට සුව දුක් විචාල බව පෙනේ.
රෝහල් සංකල්පයට ද මූලික අඩිතාලම දමන ලද්දේ බුදුදහමයි. මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණයට පෙර ඉන්දියාවේ බෞද්ධ රෝහල් තිබුණු බවට බොහෝ සාක්ෂි ඇත. ඊජිප්තුව වැනි ප්‍රදේශවල ඈත අතීතයේ පටන් වෛද්‍ය ක්‍රම පැවතිය ද, රෝහල් පැවැති බවට කිසිදු සාක්ෂියක් නැත. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ රෝගීන්ට උපස්ථාන කිරීමේ පහසුකම් සහිත, රෝගීන් රාශියකට සමූහ වශයෙන් නේවාසිකව සිටිය හැකි රෝහල් ක්‍රි. පූ. සිවුවෙනි සියවසේ පණ්ඩුකාභය රජ සමයේ දී දක්නට ලැබේ. නවවැනි සියවසේ දී ඉදිකරන ලද මිහින්තලේ රෝහල ලෝකයේ පැරණිම රෝහලක් බව ඇතැම් විද්වතුන්ගේ අදහසයි.
පොළොන්නරුව මැදිරිගිරියෙහි බෞද්ධ රෝහලක් පැවැති බවට ශිලා ලේඛන සාක්ෂි දරයි. ආලාහන පිරිවෙනෙහි රංකොත් වෙහෙර සමීපයෙහි ආශ්‍රමික රෝහලක් පැවැති බවට ද සාධක හමුවී ඇත. අතීතයේ දී ‘ බේත් හේත් දීමත්, වෙදහෙදකම් කිරීමත්, සියල්ලම සිදුකරනු ලැබුවේ වෛද්‍යවරයා විසින්ම ය. ඒ නිසාම අතීතයේ වෙද මහත්මයාට සමාජයේ ඉහළ පිළිගැනීමක් සහ ගෞරවයක් තිබුණි. ගිලනුන්ට උපස්ථාන කොට ගිලානෝපස්ථානයේ අගය ලොවට පෙන්වාදීම මගින් බුදුරජාණන් වහන්සේ නිරෝගීව ජීවත්වීමේ අගය සහ රෝගී ප්‍රතිකාරය හා උපස්ථානයේ හෘදයංගම බව ලෝකයට පෙන්වා දුන්හ. ගිලානෝපස්ථානය ශ්‍රේෂ්ඨ පුණ්‍යකර්මයක් ලෙස ප්‍රශංසාවට ලක්කළ බුදුරජාණන් වහන්සේ එයට ඉහළ සමාජ අගැයීමක් ලබාදුන්හ. මෙයින් පැහැදිලි වන්නේ සෞඛ්‍ය පහසුකම්, හෙද සේවය, රෝගී සත්කාරය යන වටිනාකම්වලට නියමු බලය සපයා ඇත්තේ බුදුදහම වන බවයි.
බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්තීන් පැනවීමේ දී ද ගිලනුන් නිදහස් කොට ඇත. මෙයින් පැහැදිලි වන්නේ සහනශීලිත්වය ලබාදීමෙන් නිරෝගී බව අපේක්ෂා කළ බව යි. ගිලනා සහ ගිලානොපස්ථායකයා අනුගමනය කළයුතු වත් සමූහයක් ද බුදුරදහු අනුදැන වදාළහ. රෝග නිවාරණයේ දී රෝග හටගැනීමට බලපාන පාරිසරික සාධක කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම ද බුදුරදහු පෙන්වා දෙති.
ඔබ අප ජීවත්වන පරිසරය නිසි පරිදි පිරිසුදුව තබා නොගතහොත් රෝගකාරකයන්ට මෙන්ම රෝග වාහකයන්ට සුදුසු භූමියක් වනු ඇත. එම නිසා ජීවත් වන පරිසරය පිරිසුදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. පරිසර සංරක්ෂණ මූල ධර්මය මත පිහිටා බුදුරදුන් පවත්වන ලද දේශනා එදාටත් වඩා අදට වැදගත් ය. සත්ත්වයා සහ ජලය අතර ඇති සම්බන්ධය දැඩිව අවධාරණය කර ඇත. ජලය යනු අප පරිසරය තුළ ඇති අගනා සම්පතකි. එය අපවිත්‍ර වූ විට ජන සමාජය ම රෝගී වීම වැළැක්විය නො හැකි ය.
නො හික්මුණු ඡබ්බග්ගිය භික්ෂූන් ජලයට කෙළ ගැසීම, මුත්‍රා කිරීම දැනගත් බුදුරදහු එය වැළැක්වීම සඳහා ශික්ෂා පදයක් ද පැනවූහ (න උදකේ අගිලානෝ උච්ඡාරංවා පස්සාවං වා ඛෙලං වා කරිස්සාමි” ති - සික්‍ඛා කරණීයාති ). බුදුරදුන් වදාළ දහම අනුව අනුගමනය කරන ඔබ සමස්ත පරිසරය ම පවිත්‍රව තබා ගැනීම ලෙඩ රෝගවලින් තොරව ජීවත්වීමට අවශ්‍ය ම සාධකයක් බව අමතක නො කළ යුතුය. ඩෙංගු, චිකුන්ගුන්යා, මැලේරියා වැනි මදුරුවන්ට දේශ සීමා නැත. එම නිසා තාප්පයෙන් වටවූ ඔබේ නිවස ගැන පමණක් නො සිතා තාප්පයෙන් එහාත් අපේ පරිසරය බව සිතන්න. ආත්මාර්ථකාමිත්වය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බාධාවකි. පරාර්ථකාමිත්වය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ආශිර්වාදයකි. ජල දූෂණය, පරිසර දූෂණය අවම කිරීමට හැමෝ ම මැදිහත්වීම වැදගත් වනුයේ එමගින් මුළු සමාජය ම රෝගී කරන නිසා ය.
බුදුරජාණන් වහන්සේ චුල්ලවග්ගයේ පෙන්වා දී ඇත්තේ කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි ආදිය වේලා දූවිලි ඉවත් කළ යුතු බවත්, දොර ජනෙල් ඇර තබන ආකාරයත්, වැසිකිළි, කැසිකිළි පිරිසුදුව තබාගන්නා ආකාරයත් ය. එමෙන් ම පාචිත්තිය පාලියේ පැහැදිලිව පෙන්වා දෙන්නේ වැසිකිළිය රෝග කාරක වර්ධනයට උපකාරී වන තැනක් බවත්, එය හොඳින් පවිත්‍රව තබා ගැනීම ඉතා වැදගත් බවත් ය. තැන තැන මළ මුත්‍ර කිරීම, කෙළ ගැසීම, තැන තැන දැහැටි දඬු දැමීම, කුණු කසල තැන තැන දැමීම නුසුදුසු බව බුදුරදුන් තවදුරටත් විනය පිටකයේ දී පෙන්වා දී ඇත. අත්‍ථස්සද්වාර ජාතක දේශනාවේ පුද්ගලයකුගේ දියුණුව සඳහා නිරෝගිකම ප්‍රමුඛ වන බව පෙන්වා දී ඇත.
අත්‍ථස්ස ද්වාරා පමුඛා ඡළෙතෙති
1. නිරෝගි බව
2. සිල්වත් බව
3. වැඩිහිටි බසට අවනත වීම
4. ඇසූ පිරූ තැන් ඇති බව
5. දැහැමි බව
6. කම්මැලි නොවීම
සෙසු පුරුෂාර්ථ සියල්ල සාධනය කරගත හැකි වන්නේ නිරෝගී සම්පත්තිය තිබුණොත් පමණක් බව ඉහත කරුණු පෙළගැස්ම අනුවද පැහැදිලිය.
ඇඳුම් පැළඳුම්, ආහාර පාන, නිවාස හා පරිසරය යහපත්ව පැවතුන පමණින්, දුක් දොම්නස්වලින් තොරව ජීවත්විය නොහැක. පුද්ගලයකුට යහපත් ජීවිතයක් ගතකිරීමට මානසික තත්ත්වය ද යහපත් විය යුතුය. මානසික වශයෙන් දුර්වල වූ විට, ශාරීරිකව ද දුර්වල වීම වැළැක්විය නොහැක. බුදුදහම දෙස ගැඹුරින් අධ්‍යයනය කරන විට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේ ද වෛද්‍යවරයෙකු බවයි. ලෝවැඩ සඟරාවෙහි බුදුරදුන් වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වා දී ඇත. “ සත්හට වන බව දුකට වෙදාණන්” වාතය, පිත හා සෙම මුල් කරගෙන හටගන්නා රෝග නිවාරණය කරන්නට වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේ රාගය, ද්වේෂය, මෝහය යන දූෂිත මනෝභාවයන් හේතුකොටගෙන වැළඳෙන රෝග නිවාරණය කිරීමට අවශ්‍ය ප්‍රතිකර්ම ලබාදුන්හ. අප ජීවත්වන නූතන සමාජය අතිශයින්ම රෝගාතුර වී ඇත. මිනිසාගේ මනස කිළිටි කරන මනෝභාවයන්ට රිසිසේ ක්‍රියාත්මක වීමට අවැසි සමාජමය පරිසරය ඉතා ඉහළින් නිර්මාණය වී ඇත. මානසික සුවය සඳහා හිතේ සතුට අත්‍යවශ්‍ය වේ. සතුටු වීමට අවශ්‍ය මනෝමූලයන් අභිභවා අකුසල මූලයන් ක්‍රියාත්මක වීම මගින් අනෙකාගේ දුක, වේදනාව, මරණය රසවිඳින සමාජයක් නිර්මාණය වී ඇත. අප හැමෝම වාගේ අවස්ථාවන් උදාවන තෙක් පමණක් මෛත්‍රී කිරීමට පුරුදු වී ඇත. එහෙත් කාගෙන් හෝ සුළු වරදක් සිදුවුව පමණින් අප ඉවසන්නේ නැත. එයින් පිළිබිඹු වන්නේ මානසික නොදියුණු බවයි. ඉවසීමට හා මෛත්‍රියට සීමා දමා ඇති බවයි. අප අකැමැති දෙයක් සිදුවු වහාම ඉවසීම පලායයි. මෛත්‍රිය අතුරුදහන් වෙයි. හික්මීම හදින් මෙන්ම ගතින් ද සමුගනී. ඒ වෙනුවට පාපී සිතිවිලි වහාම ක්‍රියාත්මක වීමට සැරසෙයි. යහපත් මානසික තත්ත්වයකින් පසුවන, ප්‍රඥාවන්තයාට නරක මනෝභාවයන් ක්‍රියාත්මක වීමට පෙර යහපත් මනෝභාවයන් ජනිත කිරීමට මොළයට පණිවුඩ දීමේ හැකියාව ඇත. එසේ නොහැකි වූ අය වෛරය, පළිගැනීම, භේද කිරීම වැනි නරක ක්‍රියාවන්වල නිරත වේ.
අසංවරව - අවිනීතව රිය පැදවීම නිසා හදිසි අනතුරු වලින් දිනකට දෙතුන් දෙනෙක්වත් මිය යති. පිරිසක් ආබාධිතයන් බවට පත්වේ. බොහෝ අය ගතින් නිරෝගී බව ප්‍රදර්ශනය කළ ද මනසින් නිරෝගී නොවේ. යහපත් සද්පුරුෂ සමාජයක් සඳහා මානසික සුවය අත්‍යවශ්‍යම වේ. අසහනය, පීඩනය සිතින් ඉවත් කොට, භාවනාවේ නිරත වීම මගින් සිත් පහන් කර ගැනීම ආගමික භේදයකින් තොරව සෑම කෙනෙකුටම කළ හැකිය. එමගින් ප්‍රඥාව ලැබේ. බෞද්ධයාට එයින් ඔබ්බට ගොස් සමථ, විදර්ශනා ආදී භාවනා වැඩීමෙන් සසර දුක් නැති කොට සියලු කෙලෙස් සම්පූර්ණයෙන් නසා, නිවන් සුවය ලබාගත හැකිය.
බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දී මෛත්‍රී සහගතව යහපත් මානසික තත්ත්වයකින් පසුවන සත්පුරුෂයන්ට ළඟාකර ගත හැකි ආනිසංස එකොලහක් දේශනා කළ සේක. එම ආනිසංස එකොලහෙන් දහයක්ම අපට මේ ලෝක වශයෙන් අත්විඳිය හැකිවීම විශේෂ වේ. මෛත්‍රී සහගතව ජීවත්වන හැමෝටම ළඟාකර ගතහැකි ආනිසංස පහත සඳහන් ය.
1. සුඛං සුපති - සුවසේ නින්දයාම
2. සුඛං පටිඛුජ්ඣති - සුවසේ පිබිදීම
3. න පාපකං සුපිනං පස්සති – නපුරු සිහින නොපෙනීම
4. මනුස්සානං පියො හොති – මනුෂ්‍යයින්ට ප්‍රියවීම
5. අමනුස්සානං පියො හොති – අමනුෂ්‍යයින්ට පි‍්‍රයවීම
6. දෙවතා රක්ඛන්ති - දෙවියන් ආරක්ෂා කිරීම
7. නාස්ස අග්ගිවා විසංවා සත්ථංවාකමති – ගින්නෙන් වස විෂවලින්, ආයුධයන්ගෙන් හානියක් නොවීම
8. තුවටං චිත්තං සමාධියති - සිත සමාධිගත වීම
9. මුඛවණ්ණො විප්පසීදති – මුහුණ පැහැපත්වීම
10. අසම්මුළ්හො කාලං කරොති - සිහි නුවණින් යුක්තව මිය පරලොව යාමට හැකිවීම
11. උත්තරිං අප්පටි විජ්ඣන්තො බ්‍රහ්ම ලොකූපගො හොති – ධ්‍යානවලින් නොපිරිහී කළුරිය කළහොත් බ්‍රහ්ම ලෝකවල ඉපදීම, යනුවෙනි.
චෛතසික හෙවත් මානසික වශයෙන් හානිකර වූ රෝග පීඩාවන් වයස් භේදයකින් තොරව ආගම් භේදයකින් තොරව අප කාටත් වැළඳීමට ඉඩකඩ ඇත. එයින් මිදීමට සිත සමබරව තබා ගැනීම ඉතා වැදගත් ය. මෛත්‍රී සහගත සිතිවිලි, සිත සමබරව තබා ගැනීමට අවශ්‍ය වේ. සසර වසන සත්ත්වයාට වැළඳෙන අනේකවිධ රෝගාබාධ හේතුවෙන් ඇතිවන දුක බුදුදහමෙහි ව්‍යාධි දුක නමින් හඳුන්වා ඇත. නිරෝගී බව නැතිනම්, ‘ආරෝග්‍ය’ යනු එහි රෝගාබාධයන්ගෙන් තොරව ජීවත්වීමයි. එය උතුම් ලාභයක් ලෙස බුදුරදුන් පෙන්වා දී ඇත. එමෙන්ම කායික හා මානසික නිරෝගී බව තුළින් ලැබෙන සතුට ධනය ලෙස ද උන්වහන්සේ පෙන්වා දුන්හ. (සන්තුට්ඨි පරමං ධනං )
එබැවින් මනස සමබරව තබා ගැනීම, ආහාර පාලනය, පරිසරය විනාශ නොකොට රැක ගැනීම, රෝගීන්ට සැලකීම සහ රැක බලා ගැනීම, ඉවසීමෙන් හා විමසීමෙන් ජීවත්වීම යනාදී පුරුෂාර්ථ තම දිවියට ළංකර ගැනීම, කායික හා මානසික නිරෝගී බව ළඟාකර ගැනීමට ඉවහල් වන බව අප මතක තබාගත යුතුව ඇත.
නිවන් දකින්නට ඇත්තටම පින් මදිද?
නිවන් දකින්නට ඇත්තටම පින් මදිද? බුදු පියාණන්වහන්සේගේ කාලයේ විතරද ප්‍රඥාවන්තයින් බිහි වෙන්නේ කියලා විමසා බලන්නට මෙවර කතු වැකිය වෙන්කරමි. අමතර කථා නැතිව කෙලින්ම නිසි දේ කථා කරනවා නම් මේ කියන දේවල් ටික ඔබෙන්ම විමසා බලන්නට කටයුතු කරන්නකෝ.
“පිටත ගිනි ඇතුලට නොගන්න - ඇතුලත ගිනි පිටතට නොදෙන්න“
වෙසක් මාසය තමයි මේ එළඹිලා තියෙන්නේ. වෙසක් මාසය කියන්නේ බෞද්ධ පිරිසට බොහෝම වැදගත් යැයි සැලකෙන මාසයක්. ඉතින් මේ මාසයේ විශේෂත්වය කියන්නට නම් නෙවේ මෙම සටහන තබන්නේ. සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය කියන්නාවූ සුවිශේෂී අවස්ථාවන් සමරන මේ මාසය තුලදී අතිදුර්ලභ මනුෂ්‍යයෙක් වශයෙන් සිතා බැලිය යුතු දෑ නම් බොහෝමයි. ඒ අතරින් දැනට බෞද්ධ යැයි පවසාගන්නා බොහෝ දෙනෙකුටත් සැබෑම බෞද්ධයෙක් වීමට සැබෑම ප්‍රඥාවන්තයෙක් වීමට කටයුතු කරන සෑබෑම මිනිසුන් වෙතටත් සුපුරුදු පරිදි දහම් පණිවිඩයක් මෙවර කතුවැකිය තුලිනුත් ලබාදෙන්නේ නිවී සැනසීම උදාකරගැනීම පිණිසම පමණයි.
නිවන නොලැබෙන්නට හේතු කෙටියෙන්!
සම්මා සම්බුදු පියාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ දෙදහස් ගණනක්ම ගෙවී ගොස් තිබෙන මොහොතක ඇයි මේ නිවන ප්‍රමා කියලා තම තමන්ගෙන්ම විමසා බැලීම වැදගත් වෙනවා. අන්න ඒ ගැටලුව මුල්කරගෙන මෙම සටහන තබන්නේ මෙම ගැටලුවට පිළිතුරක් සොයා ගැනීමට වැදගත් වේ යැයි සිතෙන කරුණු කීපයක් ගොනු කිරීමටයි. සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින්ම මෙම ගැටලුවට හේතු විය හැකි කාරණා කීපයක් පෙන්වා දී තිබෙනවා. අන්න ඒ කරුණු කීපයක පිළිබඳව ඉතාමත් කෙටියෙන් මෙහි පෙන්වා දෙන්නම්. පසුවට මෙහි දීර්ඝ විස්තරයක් ලබාදෙන්නම්.
බුදු හාමුදුරුවෝ කියන්නේ කව්ද?
දැන් මුලින්ම අප විසින් විමසා බැලිය යුතුයි කව්ද මේ සම්මා සම්බුදුරජාණන්වහන්සේලා කියන්නේ කියලා... සම්මා සම්බුදුරජාණන්වහන්සේලා පිළිබඳව පරිපූර්ණ විස්තරයක් කිරීමට මා තරම් නොවූවත් උන්වහන්සේලා ගැන මිනිසුන් වශයෙන් අප විසින් දැනගෙන සිටිය යුතු විශේෂ කරුණු කීපයක් ඔබ වෙත ගෙන ඒමට මා කැමතියි.
Subscribe to:
Posts (Atom)