Social Icons

Saturday, August 23, 2014

කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිං පව් එනවා අපි පසු පස්සේ



යාලුවනි මේ ලිපිය ලියන්නේ කිසිම ආගමකට අපහාස කිරිමටවත් වෙන යම් හෝ අරමුණක් පදනම් කරගෙන නොව අපේ හුදෙක් අරමුණ මිනිසුන්ට මෙන්ම සතුන්ටද  ජිවත් වීමට අයිතියක් ඇති බව පෙන්වීමට හා සැම සතෙක්ම තමන්ගේ ජිවිතයට ආදරය කරනා බව සැම දෙනාටම පසක් කිරිම සදහා වේ .


සෑම සතෙක්ම මැරිම හෝ මැරිමට අනුබල දිම හෝ මැරිම පාප සහගත ක්‍රියාවකි.අපි වට පිටාවේ සිටිනා සියලුම ජිවීන් රැක ගැනිම මනුසත් හදවත් ඇති බුද්ධිමත් සැමගේ වග කීම වේ.ඒ අතරින් ගවයාට සුවිශේෂ තැනක් හිමි වේ. 

ගවයා යනු අපේ එදිනෙදා ජිවිතයේ හමු වෙන අපට ලෙන්ගතු අම්මාවරුන් නැති දරුවන්ගෙ කුස පුරවා ලොකු මහත් කල ලොකයේ පිදුම් ලැබිය යුතු සත්වයෙකී.නමුදු වත්මන් සමාජයෙන් ගවයාට පිදුම් ලබනවා වීනා උන්ගේ ජිවත් වීමේ අයිතියද උදුරාගෙන ඇති තත්ත්වයට පත්ව ඇත.

මෙයට මුලිකවම හේතුව වන්නේ තමන්ගේ අගල් 2 තරම් වූ දිව පිනවීමට හා හරක් මස් කෑ විට තම්න්ට ශක්තියක් ලැබෙයි යන පුහු කරුණු පදනම කරගෙනය.


හරකා පිරිසිදු තණ කොල කනවිට මොලේ වැඩුනු මනුස්සයන් මළ කුණු කෑම ලැජ්ජාවට කාරණයක් වේ තවද මස් කෑම තුලින් තමන්ට ශක්තියක් ලැබෙනවා කියන්නේද පට්ට පල් බොරුවකී එසේ නම් හරක් මස් කාපු උදවිය දස මහා යොධයින් මෙන් වැඩ කල යුතුය.

නමුදු එසේ වෙන බවක් නම් පෙනිමට නොමැත ලොව වැඩි ආයුෂ ඇති මිනිසුන් නිර්මාංශ මිනිසුන් වේ.එයට උදාහරණ රැසක් ඇත.නමුත් මස් මාංශ අනුභව කරනා පුද්ගලයින්ගේ ආයු කාලය ඉතා කෙටි බව වෛද්‍ය මතය වේ.

මේ තරම් සාක්ෂි තිබියදීත් මස් මාලු බිත්තර වැනි මාංශ භක්ෂක ආහාර වලින් ඈත් නොවන්නේ මන්ද යන්න අපට මහත් ලොකු ප්‍රශ්නයක්ව ඇත.පහල ඇතී Video බලා ඔබ නිගමනය කරන්න තවදුරටත් කිසිම සතෙක් අපේ ආහාරය වෙනුවෙන් මැරීම සුදුසුද කියලා.




killing a fish



No comments:

Post a Comment

 
Blogger Templates