Social Icons

Saturday, August 23, 2014

කාමයෙහි ආදින හරි හැටි දැන ගනිමූ


කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නොහරී

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් 

ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් 

ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් 

නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය.කාමයෙන් ලැබෙන 

ආශ්වාදය ද එවැනි ය.

කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිං පව් එනවා අපි පසු පස්සේ



යාලුවනි මේ ලිපිය ලියන්නේ කිසිම ආගමකට අපහාස කිරිමටවත් වෙන යම් හෝ අරමුණක් පදනම් කරගෙන නොව අපේ හුදෙක් අරමුණ මිනිසුන්ට මෙන්ම සතුන්ටද  ජිවත් වීමට අයිතියක් ඇති බව පෙන්වීමට හා සැම සතෙක්ම තමන්ගේ ජිවිතයට ආදරය කරනා බව සැම දෙනාටම පසක් කිරිම සදහා වේ .

Wednesday, July 16, 2014

බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්ව ඇති ස්ථාන


මහියංගන චෛත්‍ය - කේෂ ධාතු,ග්‍රීවා ධාතු
ථූපාරාමය - දකුණු අකු ධාතුව
සේල චෛත්‍ය - ඌර්ණ රෝම ධාතුව

මහබෝසත්වරයෙක් සසර සැරිසරන විට උන්වහන්සේ වෙත හිමිවන විශේෂතා

Photo: මහබෝසත්වරයෙක් සසර සැරිසරන විට උන්වහන්සේ වෙත හිමිවන විශේෂතා

1.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් අන්ධයෙකු නොවීම.
2.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් බිහිරෙකු නොවීම.
3.උන්මත්තකයෙකු නොවීම.
4.ගොතගසමින් කථා කරන්නෙකු නොවීම.
5.අත් පා කොර වූවෙකු නොවීම.
6.ම්ලේච්ඡයන් සිටින ප්‍රදේශයක නො ඉපදීම.
7.දාසියකගේ කුසෙහි නොඉපදීම.
8.මිනිසත් බවක් ලැබුවේ නම් නියත මිථ්‍යාදෘෂ්ටිකයෙකු නොවීම.
9.ලිංග පරිවර්තනයකට හසු නොවීම. (ස්ත්‍රියක නොවීම.)
10.පඤ්චානන්තරීය පාපකර්ම නොකිරීම.
11.කුෂ්ඨ ‍රෝගියෙකු නොවීම.
12.තිරිසන් ආත්ම භවයක ඉපදුණත් වටු කුරුල්ලෙකුට වඩා කුඩා ආත්ම භවයක නොඉපදීම හා හස්තියෙකුට වඩා විශාල ශරීර ඇති සතෙකු නොවීම.
13.ඛුප්පිපාසිකාදී ප්‍රේතාත්මභාවයන්හි නොඉපදීම.
14.කාලකඤ්ජාදී අසුර නිකායයන්හි නොඉපදීම.
15.අවීචි මහා නිරයෙහි නොඉපදීම.
16.ලෝකාන්තරික නිරයෙහි නොඉපදීම.
17.කාමාවචර ලෝකයන්හි නම් මාරයෙකුව හෝ,රූපාවචර ලෝකයන්හි නම් අසඤ්ඤතලයන්හි හෝ සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි හෝ,අරූප භවයන්හි නොඉපදීම.
18.වෙනත් සක්වලකට නොයෑම.

අපදාන අටුවාවට අනුවයි..
(තලල්ලේ චන්දකිත්ති හිමි – සම්බුද්ධාපදාන)

නිබ්බානං පරමං සුඛං - Nibbana පිටුව සමග ඔබත් එක්වන්න..


1.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් අන්ධයෙකු නොවීම.
2.නියත විවරණ ලත් මොහොතෙහි පටන් උපතින් බිහිරෙකු නොවීම.
3.උන්මත්තකයෙකු නොවීම.

Sunday, July 13, 2014

සැබෑ ආරක්ෂාව රැකවරණය යනු?

සම්මත ලෝකයේදී යම් පුද්ගලයෙකුගේ හෝ වේවා යම් ද්‍රව්‍ය වස්තුවක හෝ වේවා ආරක්ෂාව පිළිබඳව රැකවරණය පිළිබඳව කියන්නාවූ කරුණ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පුදුමාකාරයෙන් දැවීමකට අසහනයට පත්වෙලා සිටිනවා.  ඒ හේතුව නිසාම නීතියට පරිපාලනයට දොස් තබමින් සිත, කය, වචනය මෙහෙයවා කටයුතු කරන තත්වයට පත්වෙනවා.  එහෙම නේද?

Wednesday, July 9, 2014

අටලෝ දහම වෙනස් කිරීමට කවර ශක්තියකටවත් නොපුළුවන



රත්නපුර සිවංකර හිමි
මිහිකත අඳුරු සළුපට පොරවා ගන්නා යාමයේ දුහුල් සළුවෙන් සිරුර වසාගත් ඇය හුදකලාවම යන්නේ කොහේද? නෙත් සිත් වසඟයට පත් කරවන සුළු රූපයෙන් යුත් ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ ඇයගේ හැසිරීම් විලාසය නිසාය. රූපය හා බැඳුණු හැසිරීම් රටාවකින් යුත් ඈ දකින්නාගේ සිත් වසඟ කරවන උපායක් දැන සිටින්නීය. එවන් රුසිරු ළඳක් සන්සුන්ව පියවර තබමින් කාහටවත් නොදැනෙන ලෙසින් ගනදුර හා එක්ව මේ යන රහස් ගමන කුමක් විය හැකිද? දැන් දැන් දුටුවන්ගේ සිත්වල කුතුහලය නැගෙමින් පවතී. සැබැවින්ම කෙසේනම් මෙබන්දක් විය හැකිද? තමන්තුළ එවැනි පසුබිමෙක හදිසියේ ඇය අතුරුදන් වීම කාගේත් කුතුහලය දල්වන්නට හේතු විය. ඇය පිළිබඳ සියලු රහස් ගනඳුර ගිලගන්නා බඳුය. කුතුහලයේ ගිනි දැල් ප‍්‍රදේශය පුරා නැගෙමින් පවතී.

පන්සිල් සුරැකීමේ ආනිශංස

482597_143693709129050_1069472841_n[1]
සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස
ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
ජව සම්පත්තියෙන් යුක්ත වීම
මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
මුදු මොළොක් සිරුරක් ලැබීම
පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම

 
Blogger Templates