Wednesday, July 16, 2014
Sunday, July 13, 2014
සැබෑ ආරක්ෂාව රැකවරණය යනු?
සම්මත ලෝකයේදී යම් පුද්ගලයෙකුගේ හෝ වේවා යම් ද්‍රව්‍ය වස්තුවක හෝ වේවා ආරක්ෂාව පිළිබඳව රැකවරණය පිළිබඳව කියන්නාවූ කරුණ සම්බන්ධයෙන් බොහෝ පිරිසක් පුදුමාකාරයෙන් දැවීමකට අසහනයට පත්වෙලා සිටිනවා. ඒ හේතුව නිසාම නීතියට පරිපාලනයට දොස් තබමින් සිත, කය, වචනය මෙහෙයවා කටයුතු කරන තත්වයට පත්වෙනවා. එහෙම නේද?
Wednesday, July 9, 2014
අටලෝ දහම වෙනස් කිරීමට කවර ශක්තියකටවත් නොපුළුවන
රත්නපුර සිවංකර හිමි
මිහිකත අඳුරු සළුපට පොරවා ගන්නා යාමයේ දුහුල් සළුවෙන් සිරුර වසාගත් ඇය හුදකලාවම යන්නේ කොහේද? නෙත් සිත් වසඟයට පත් කරවන සුළු රූපයෙන් යුත් ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ ඇයගේ හැසිරීම් විලාසය නිසාය. රූපය හා බැඳුණු හැසිරීම් රටාවකින් යුත් ඈ දකින්නාගේ සිත් වසඟ කරවන උපායක් දැන සිටින්නීය. එවන් රුසිරු ළඳක් සන්සුන්ව පියවර තබමින් කාහටවත් නොදැනෙන ලෙසින් ගනදුර හා එක්ව මේ යන රහස් ගමන කුමක් විය හැකිද? දැන් දැන් දුටුවන්ගේ සිත්වල කුතුහලය නැගෙමින් පවතී. සැබැවින්ම කෙසේනම් මෙබන්දක් විය හැකිද? තමන්තුළ එවැනි පසුබිමෙක හදිසියේ ඇය අතුරුදන් වීම කාගේත් කුතුහලය දල්වන්නට හේතු විය. ඇය පිළිබඳ සියලු රහස් ගනඳුර ගිලගන්නා බඳුය. කුතුහලයේ ගිනි දැල් ප‍්‍රදේශය පුරා නැගෙමින් පවතී.
ආලවක දමනය
අප ස්වාමී වූ තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි සමවත් සුවයෙන් වැඩ සිටින සමයෙක, අලුයම් භාගයෙහි, තුන්ලෝකවාසී සකල සත්වයා කෙරේ පතල වූ මහා කරුණා ගුණයෙන් යුක්තව, "අද කවරෙකුට නම් පිහිට වම්දැ"යි කරුණා නෙත විහිදුවාලූ සේක. එකල්හි අනාගාමී ඵලයට තරම් පින් ඇති "අලව්" නම් පින්වත් ලදරු කුමාරයෙක්, අලව් නුවර බියෙන් අලවා වූ "ආලවක" නම් දරුණු යක්ශයෙකුගේ ගොදුරු බවට පත් වන්නා වූ සැටි බුදු නෙතින් දකින සේක. ආලවක යක්ශ තෙමේද, පෙර භවයක කරනා ලද අකුශල කර්මයක් හේතුකොට මනුශ්‍ය මාංශයට ලැදියේ නමුත්, සෝවාන් ඵලයට තරම් ගුණ ඇත්තෙකි. කරුණු එසේ හෙයින් අමා මෑණී මහා කාරුණිකයාණෝ "දෙදෙනාටම පිහිට වම්හ"යැයි සිතා, තමන්
වහන්සේගේ ගද කිළියෙන් නික්මව, තනිවම පා ගමනින් අලව් නුවර ආලවක යක්ශ භවන වෙත නික්මුණ සේක.
Thursday, July 3, 2014
සතර පෝය
ශාස්ත්‍රපති
දොඩම්පහල ශ්‍රී රාහුල හිමි
_____________________
අප හතර පෝයටම පන්සල් ගිය අය. අප හතර පෝයටම සිල් ගත්ත අය. මේ හතර පෝය අපට ලැබෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. බටහිර දින දර්ශනයෙත් හතර පෝය දක්වා තිබෙනවා. නමුත් චන්ද්‍ර මාස ක්‍රමයට හතර පෝය හිමි වන්නේ - චන්ද්‍රයාගේ කලාවත් අනුවයි. පෑළවිය, දියවක, තියවක, අටවක, විශේනිය ආදී වශයෙන් පසළොස්වක දක්වා අව 15 ක් දක්නට තිබෙනවා. පසළොස්වක පොහොයෙන් පසුව ඊට පසු දින සිට අප හඳුන්වන්නේ අව පෑළවිය, අව නවවක, අව එකොළොස්වක ආදී වශයෙන් බැසගෙන ගොස් අව පසළොස්වක (අමාවක) වශයෙන් දින ගණනය කරනවා. සඳ නොමැති අමාවක් පොහෝ දිනයන් අප ආගමික දිනයක් ලෙස සලකනවා. පුර අටවක පොහොයත්, පුර පසළොස්වක දිනයත්, අව අටවක දිනයත් සතර පෝය ලෙස අප හඳුන්වනවා

Subscribe to:
Posts (Atom)