Social Icons

Thursday, July 3, 2014

සතර පෝය

ශාස්ත්‍රපති
දොඩම්පහල ශ්‍රී රාහුල හිමි
_____________________

අප හතර පෝයටම පන්සල් ගිය අය. අප හතර පෝයටම සිල් ගත්ත අය. මේ හතර පෝය අපට ලැබෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට. බටහිර දින දර්ශනයෙත් හතර පෝය දක්වා තිබෙනවා. නමුත් චන්ද්‍ර මාස ක්‍රමයට හතර පෝය හිමි වන්නේ - චන්ද්‍රයාගේ කලාවත් අනුවයි. පෑළවිය, දියවක, තියවක, අටවක, විශේනිය ආදී වශයෙන් පසළොස්වක දක්වා අව 15 ක් දක්නට තිබෙනවා. පසළොස්වක පොහොයෙන් පසුව ඊට පසු දින සිට අප හඳුන්වන්නේ අව පෑළවිය, අව නවවක, අව එකොළොස්වක ආදී වශයෙන් බැසගෙන ගොස් අව පසළොස්වක (අමාවක) වශයෙන් දින ගණනය කරනවා. සඳ නොමැති අමාවක් පොහෝ දිනයන් අප ආගමික දිනයක් ලෙස සලකනවා. පුර අටවක පොහොයත්, පුර පසළොස්වක දිනයත්, අව අටවක දිනයත් සතර පෝය ලෙස අප හඳුන්වනවා

සිදුහත් බෝසතාණන් වහන්සේගේ සත්ව කරුණාව


Photo: සිදුහත් බෝසතාණන් වහන්සේගේ සත්ව කරුණාව..!

හංසයා ඇරැබ නඩුව_______________________________

දවසෙක බෝසතාණෝ තමන්ගේ කෙළිමඬලෙහි සිට එන්නාහු තමා ඉදිරියෙහි කිසිවක් වැටුණා දැක දිවැ ගොස් බැලූහ. ඒ අත හැන්දෙක ඊයක් ඇනී බිමැ වැටුණු හංසයෙකි. බෝසතාණන් වහන්සේ වහාම ඊය ගළවා දමා ඌ රැගෙන රජගෙය දෙසට ගියහ. දෙව්දත් කුමරු තමා විද හෙලූ 'හංසයා කොහි දැ?'යි සොයා එනුයේ සිදුහත් කුමරුන් අතෙහි ඉඳිනු දැක 'ඔය හංසයා මගෙයි, මා ඊයෙන් විද බිම හෙලු එකා'යි කියා ඌ ඉල්ලීය. බෝසතාණෝ ඌ නොදීම ගෙන ගියහ. උගේ තුවාලයට බෙහෙත් කළහ.

දෙව්දත් කුමරු ගොස් සුදොවුන් රජුට නඩුව පැමිණිලි කෙළේ ය. රජ පුත් කුමරු කැඳවා ප්‍රශ්න කෙළේ ය. තමාට හමු වූ ඒ අසරණ සතා සුවපත් කොට මුදාහරිනු මිස ඌට හිංසා පීඩා කරන්නකුට නොදෙමි'යි බෝසතාණෝ කීහ.

'මතු රටේ පාලයට බාරගන්නට සිටින මේ දරුවන් කුඩා වියේ සිටම නීතියට අනුව සිටින්නට පුරුදු වියැ යුතු යැ'යි සිතූ රජතුමා 'නුඹ නඩුව රාජ සභාවට පැමිණිලි කරන්න'යි දෙව්දත් කුමරුට කීය. හේ එසේ පැමිණිලි කෙළේ ය. රජතුමා රාජ සභාව කැඳවා 'මේ මා පුතාත් බෑනණුවනුත් අතර නැංග ආරවුල විසඳා තීන්දුව දෙන්නැ'යි නියෝග කෙළේ ය.

රාජ සභාව රැස්විය. කුමරුවන් දෙදෙනා ම කැඳවා නඩුව විනිශ්චය කෙළේ ය. 'දෙව්දත් කුමරුවාණන් විසින් විද බිමැ හෙලූ බැවින් ඒ හංසයා ඒ කුමරුනට ම අයිති ය. එ බැවින් දෙව්දත් කුමරුනට හංසයා බාර දියැ යුතු යැ'යි එක්කෙනෙකු හැර අනිත් සියලු සහාසදයෝ තීන්දු කළහ. එවිට සිද්ධාර්ථ කුමාරයෝ නැගී සිට 'අහසේ නිදහසේ පියාහඹා ඇවිදින කිසිදු පක්ෂියෙක්‍ මිනිසුනට අයත් නැත. උන් පෙළීමට ද කිසිවෙකුට අයිතියෙක් නැත. එ බැවින් උන් පිළිබඳ අයිතිකම් පැවැසීම වියරුවෙකැයි' පවසා 'ජීවියකු අයත්වතොත් අයත් වනුයේ උගේ දිවි නසන්නාට ද? නැත හොත් දිවි රකින්නාට දැ?'යි ප්‍රශ්න කළහ. බෝසතාණන් ඉදිරිපත් කළ යුක්තිය ඇසූ සභාව ගොළු විය. මද වේලාවකින් පසු එක් මහළු සහාසදයෙක් නැගිට 'ජීවියකු අයත් වන්නේ උගේ ජීවිතය රකින්නාට මිස නසන්නාට නොවේ යැ'යි කීය. කාටත් කාරණය අවබෝධ විය. 'හංසයා දිවි ඇති බැවින් සිදුහත් කුමරුනට අයිති යැ'යි සියල්ලන්ගේ තීන්දුව විය. නඩුවෙන් පැරැදුණු දෙව්දත් කුමරු කෝපයෙනුත් ලජ්ජාවෙනුත් සභා ශාලායෙන් බැස තමා ගේ නිවාසය කරා ගියේ ය. බෝසතාණෝ ද නික්ම ගිය හ. කීප දිනක් සාත්තු කොට, සුවපත් වූ හංසයා මුදාහැරියා හ.

කුමාරවරුන් හා ඈත ගමන් අත්හැරීම______________________

දවසෙක නෑ රජ කුමරුවෝ කිහිප දෙනෙක් අවුත් සිද්ධාර්ථ කුමාරයාණන් ද කැඳවා ගෙන ඇවිදින්නට ගියහ. කුමරුවන් සඳහා පිළියෙල කොට තුබුණු කෙළි බිම ද ඉක් මැ ඈත වන පෙදෙසකට ඔහු ගියහ. එහි ඈත මෑත දිව හැවිදුනා ගෝන මුව ආදී සතුන් බලමින් සතුටු වූහ. සමහර කුමාරවරු ඔවුන් ලුබුහුබැඳ යන්නාහු ඔවුන් විද මැරූහ. සිද්ධාර්ථ කුමරුවාණෝ එය දැක, 'අනේ! තමන් ගේ දුක මිනිස් බසින් කියන්නට නොහැකි, ගොළුවන් රැසක් බඳු වූ මේ අසරණ සතුනට මෙහෙම හිරිහැර කරන්නේ ඔවුන් මොන වරදක් කළාට ද? කැලේ හැදෙන වල් පැලෑටි කමින් තමන් ගේ පාඩුවේ නිදැල්ලේ ජීවත් වන මේ අසරණ සත්නට හිංසා කරන්නේ ඇයි ද?' කියා කලකිරී වහාම එහි නොසිට ආපසු මාලිගාවට ම ආහ. එයින් පසු ඔවුන් හා ඇවිදින්නට නො ගියහ.

ලා බාල වියෙහි සිට ම සිදුහත් කුමරාණන්ගේ ජීවිතයෙහි කරුණාව, මෛත්‍රිය, ක්ෂාන්තිය (ඉවසීම) පරෝපකාරය, සමානාත්මතාව යන ආදී ශ්‍රේෂ්ඨ ගුණයෝ පිළිඹිබු ව පැවැත්තාහ. බෝසතාණන් ගේ ගති පැවැතුම් ඇසූ දුටු හැම දෙනා ම ඔහු කෙරෙහි මහත් ආදරයත් ගෞරවයත් දැක් වූහ. බෝසතාණන් ගේ කීර්තිය හැම තැනම පැතිර ගියේ ය.

(අති පූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන්ගේ 'ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය' ග්‍රන්ථයෙනි)
දවසෙක බෝසතාණෝ තමන්ගේ කෙළිමඬලෙහි සිට එන්නාහු තමා ඉදිරියෙහි කිසිවක් වැටුණා දැක දිවැ ගොස් බැලූහ. ඒ අත හැන්දෙක ඊයක් ඇනී බිමැ වැටුණු හංසයෙකි. බෝසතාණන් වහන්සේ වහාම ඊය ගළවා දමා ඌ රැගෙන රජගෙය දෙසට ගියහ. දෙව්දත් කුමරු තමා විද හෙලූ 'හංසයා කොහි දැ?'යි සොයා එනුයේ සිදුහත් කුමරුන් අතෙහි ඉඳිනු දැක 'ඔය හංසයා මගෙයි, මා ඊයෙන් විද බිම හෙලු එකා'යි කියා ඌ ඉල්ලීය. බෝසතාණෝ ඌ නොදීම ගෙන ගියහ. උගේ තුවාලයට බෙහෙත් කළහ.

‘මරණය‘


Photo: ‘මරණය‘ මැරීම!!!
අපි ලෝකයේ ඉපිද සිටින්නෙමු. ඇත්ත වශයෙන් ම කියන්නේ නම්, අපත් සමඟ අපේ ලෝකය ඉපිද තිබේ. එසේ උපන් දුක නම් වූ ලෝකය මුළුමණින් ම සංඛතයකි. එනම් හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යන එකකි. හරවත් කිසිවක් නැති, සාරයෙන් ශූන්‍ය එකකි.
නමුත් ඒ ලෝකයට අපි ඇලී සිටිමු. අතිශයින් ආදරය කරමු. එය නැති වී යෑම අපට දුකකි. එනිසා ම ලෝකයේ අනිත්‍යතාවය සිහි කිරීම තබා ඒ ගැන සිතීමටත් බොහෝ දෙනෙක් බිය වෙති.
අප සිතා සිටින්නේ ජීවිතය යනු ”මමෙකු” ගේ හිමිකමක් කියා යි. එය අප ගේ නො දන්නා කම යි. මුලාව යි. නමුත් මම යැයි සිතා සිටින්නේ සැබැවින් ම මමෙකුට හෝ වෙනකෙකුට අයත් දෙයක් නොවේ. හුදු හේතු ප‍්‍රත්‍යයන් ගෙන් හට ගත් ධර්මතා සමූහයක් ය.
හටගත් යමක ඇති ස්වභාවය කුමක් ද..? වෙනස් වෙමින් පැවතී නැසී යෑම යි. එය ඒකාන්ත වශයෙන් ම සිදු වන දෙයකි. යමක් හට ගත්තේ නම් එහි වෙනස් වීම සහ නිරුද්ධ වීම යෑම ‘අනිවාර්යය’ වේ. එය නතර කිරීමට කිසිඳු ක‍්‍රමවේදයකට, කිසිඳු බලයකට හෝ ඓශ්චර්යයකට නො හැකි ය.
අප ගේ ජීවිතය මුළුමණින්ම හට ගත් එකක් නිසා එය ද නියත වශයෙන් ම නැසී යන්නේ ය. අප කෙතරම් වෑයම් කළ ද එය වැළැක්විය නො හැකි ය.
බුදු රජාණන් වහන්සේ යනු මුළුමහත් විශ්වයේ ම පහළ වූ ශ්‍රේෂ්ඨත ම මනුෂ්‍යයා යි. බලවත් ම, අසිරිමත් ම පුද්ගලයාණෝ යි. නමුත් බුදු රජුන් ගේ ශරීරය පවා හටගත් එකකි. සංකතයකට උරුම වන ඉරණමට යටත් වූවකි.
වරක් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු ප‍්‍රාසාදය නම් වූ පූර්වාරාමයෙහි වැඩ වසන සේක. එදා භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් නැගී සිට විහාරය පසුපස සෙවනෙහි පිට තවමින් වැඩ හුන් සේක.
ඒ අවස්ථාවේ දී ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ ගේ ගාත‍්‍රා සිය දෑතින් පිරිමදිමින් මෙසේ පවසා සිටියහ.
”ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ආශ්චර්යය යි. ඉතා ම පුදුම යි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීර පැහැය, පෙර මෙන් දැන් පිරිසිදු නොවේ. හාත් පසින් බබළන්නේ ද නො වේ. මේ සියළු ගාත‍්‍රා ද ලිහිල් වී ඇත, රැලි වැටී ඇත. කය ද ඉදිරියට නැඹුරු වී තිබේ. ඇස කණ නාස දිව කය යන මේ ඉඳුරන් ගේ ද වෙනස් භාවයක් පෙනෙයි.”
භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීරය වනාහී මහපුරිස් ලකුණු දෙතිසකින් ශෝභමාන වී ගිය අතිශය සුන්දර එකකි. සසර දී පුරන ලද පින් මහිමයෙන් උන්වහන්සේ ලොව බිහි වූ සුන්දරතම තැනැත්තාණෝ වූ සේක. එනමුත් ඒ සිරි සිරුර ද ජරාවට පත් විය. ලෝ දහම කෙතරම් බියකරු ද..?
ඒ අවස්ථාවේ දී බුදු රජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ පිළිතුරු දුන් සේක.
”ආනන්දය, එය එසේ ම යි. යෞවනයේ තිබෙනුයේ දිරායන ස්වභාවය යි. නිරෝගීභාවයේ තිබෙනුයේ ලෙඩවෙන ස්වභාවය යි. ජීවිතයේ තිබෙනුයේ මියැදෙන ස්වභාවය යි.
දැන් මේ ශරීර පැහැය, පෙර මෙන් පිරිසිඳු නොවේ. හාත් පසින් බබළන්නේ ද නො වේ. මේ සියළු ගාත‍්‍රාද ලිහිල් වී ඇත, රැලි වැටී ඇත. කය ද ඉදිරියට නැඹුරු වී තිබේ. ඇස කණ නාස දිව කය යන මේ ඉඳුරන් ගේ ද වෙනස් භාවයක් පෙනෙයි.”
භාග්‍යවතුන් වහන්සේ එසේ වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ ඉන් පසු මෙසේ ද වදාළ සේක.

”ධිතං ජම්මි ජරේ අත්ථු දුබ්බණ්ණකරණී ජරේ,
තාව මනෝරමං බිම්බං ජරාය අභිමද්දිතං
එම්බා ලාමක ජරාව, දුරුවර්ණ කරන සුලූ ජරාව, නුඹට නින්දා වේවා…!
එතරම් ම මනරම් වූ ශරීරය ජරාවෙන් මඩනා ලද්දේ ය.
යෝ ච වස්සසතං ජීවේ සෝපි මච්චුපරායණෝ,
න කිඤ්චි පරිවජ්ජේති සබ්බමේවාභිමද්දති..
යමෙක් වර්ෂ සියයක් ජීවත් වුව ද, ඔහු ද මරු වසඟයට යන්නේ ය. (මේ ජරාව) කිසිවක් අත් නො හරී. සියල්ල ම යටපත් කරයි.”
(ජරා සූත‍්‍රය – සංයුත්ත නිකාය)
ඇතැම් විට ඔබ තරුණ වයසේ පසුවන අයෙක් විය හැකි ය. නමුත්, තව නොබෝ කලකින්, ඔබේ සිරුර ද ජරාවෙන් වෙලා ගනු නියත ය.
හේතූන් ගෙන් හට ගත් සිරුර, ජරාවට පත් වන විට, හම රැළිවැටී යන විට, කෙස් ඉදී යන විට, ඉඳුරන් දුර්වල වී යන විට, අපට සිතෙන්නේ කුමක් ද..?
‘මම’ වසයට යන බව යි. නො එසේ නම්, ‘මාගේ ශරීරය’ වයසට යන බව යි. නමුත් හේතුන් ගෙන් හටගත් සංකතයක්, ධර්මතාවයක් ලෙස ම, ජරාවට පත් වන බව අපට නො හැඟේ. එනිසා ම ශරීරය නම් වූ ලෝක ධර්මය දිරා යන විට, එයට මුලා වූ අපි ‘මම දැන් වසයට ගිහිල්ලා’ යනුවෙන් සංකල්පයක් ගොඩ නගා ගනිමු. දිරාගිය වෙනත් සිරුරක් දුටු විට ද, ‘එයා වසයට ගිහිල්ලා’ යනුවෙන් පවසමු. එම ජරාව අපට දුකකි. මහත් දුකකි.
නමුත් භාග්‍යවතුන් වහන්සේ යථාර්ථය, යථාර්ථය වශයෙන් ම අවබෝධ කළ සේක. ලෝක ධර්මයන් ලෝක ධර්මයන් ලෙස ම අවබෝධ කළ සේක.
තථාගත ‘සිරි සිරුර’ දිරා යද්දී, තමන් දිරායන බවක් හෝ, තමන් ගේ සිරුර දිරා යන බවක් උන්වහන්සේට නො හැඟුනි.
ජීවිතය කෙරෙහි පැවති මමත්වය මුළුමණින් ම දුරු කොට වැඩ සිටි බුදු සමිඳාණන්ට එනිසා කිසිඳු මානසික දුකක් නො වීය.
බාහිර ලෝකයේ, ගස්-වැල්, ආදිය දිරා යන්නේ යම් සේ ද, එසේ ම තමන් ගේ ද නො වන, අනුන් ගේ ද නො වන, ලෝක ධර්මයක් ම වූ රූපය එහි ස්වභාවය වන ජරාවට ලක්වන බව උන්වහන්සේ සක් සුදක් සේ දත් සේක.
එනිසා ම සිය සිරුර පිළිබඳ පවසද්දී පවා, ඒ පවසන වචනයන් ගේ ද අනාත්මය ම ගැබ්කොට දේශනා කළ සේක.
“තාව මනෝරමං බිම්බං ජරාය අභිමද්දිතං..”
”ඒතාක් මනරම් බිම්බය (ශරීරය) ජරාවෙන් මඩින ලදි…” යන ප‍්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ, ඒ ආත්ම ආත්මීය ශූන්‍යතාවය යි.
මෙසේ තමන් ගේ ශරීරය හුදෙක් ම ලෝකයේ හට ගත් තවත් එක් රූපයක් සේ දුටු උන්වහන්සේ එහි දිරායාම ධර්මතාවයක් ලෙස ම දුටු සේක.
ලෝකයේ පවතින දෑ, වෙනස් වී යන බව පෙනුන ද, නැතිවී යන බව දුටුව ද, සාමාන්‍ය ලෝකයා තුළ මුල් බැස ගෙන ඇත්තේ නිත්‍ය සඤ්ඤාව යි. එනිසා ම, සාමාන්‍ය ලෝකයා ගේ අපේක්ෂාව වනුයේ, වසයට යෑමෙන් තොර සදාකාලික යෞවනයකි. රෝග පීඩාදියෙන් තොර සැමදා පවතින නිරෝගී භාවයකි. මරණයෙන් තොර ජීවිතයකි. මේ ජීවිතයේ දී එම අපේක්ෂාව ඉටු කර ගන්නට නො හැකි බව දල වශයෙන් හෝ පෙනෙන විට, ඔවුන් සිදු කරන්නේ, නොපෙනෙන මතු ජීවිතයක දී හෝ එම බලාපොරොත්තුව ඉටු කරගැනීමට කල්පනා කිරීම යි. ඒ ඔස්සේ ම කල්පනාව මෙහෙයවා, මරණින් මතු සදාකාලික ජීවන පැවැත්මක් පිළිබඳ මිත්‍යා සංකල්ප තුළ ඔවුහු සිරවෙති.
නමුත් බුදු රජාණන් වහන්සේ ගේ දහම අවබෝධ කිරීමට වෙර දරන ආර්ය ශ‍්‍රාවකයා ගේ ස්වභාවය එසේ නොවේ.
යම් තැනක තරුණබව ඇද්ද, එතැන ම, වයසට යෑමේ ස්වභාවය පවතින බව, ආර්යශ‍්‍රාවකයා දනියි. තරුණබවත් වයසට යෑමත් අතර ඇත්තේ, කිසිදු අයුරකින් වෙන් කළ නො හැකි, යුගල සබඳතාවයක් බව ඔහු තේරුම් ගනියි. එ නිසා ම යෞවන භාවය යනු ඔහුට, උඩඟුවන්නට දෙයක් නොවේ. එය ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්නට උපයෝගීකර ගත හැකි ශක්තිමත් තෝතැන්නක් පමණි.
තවද තරුණ බවත් වයසට යෑමත් එකිනෙක ඈදී පවතින බව අවබෝධ කරගන්නා ශ‍්‍රාවකයා, කිසි දා, වසයට යෑමෙන් තොර තරුණ භාවයක් ලැබිය නො හැකි බව ප‍්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගෙන සිටියි. සදාකාලික යෞවනත්වයක් පිළිබඳ ව අපේක්ෂා මාත‍්‍රයක් හෝ ඇති කරගන්නට ඔහු කැමති නොවේ.
එසේ ම, යම් තැනක නීරෝගී භාවය ඇත් නම්, එතැන ම ලෙඩ වීමේ ස්වභාවය ද පවතින බව ද ආර්ය ශ‍්‍රාවකයා අවබෝධ කර ගන්නේ ය. ඒවා අතර ඇත්තේ ද, වෙන් කළ නො හැකි යුගල සබඳතාවයකි. එම අවබෝධයේ පිහිටා සිටින ශ‍්‍රාවකයා, නීරෝගී භාවයෙන් උදම් නොවේ. රෝගී භාවයෙන් පීඩිත ද නොවේ. සදාකාලික නිරෝගී භාවයක් පිළිබඳ අපේක්ෂාවක් ඇති කරගන්නට ද ඔහු තුළ කිසිදු කැමැත්තක් නැත.
එසේ ම යම් තැනක ජීවිතය ඇද්ද, ජීවත් වීම තිබේ ද, එතැන ම, මරණයට පත්වන ස්වභාවය අත් නො හැර පවතින බව බුදු රජුන් ගේ ශ‍්‍රාවකයා ප‍්‍රත්‍යක්ෂ වශයෙන් ම දන්නේ ය. එනිසා ම ජීවිතය යනු ඔහුට, අවබෝධ කළ යුතු යමක් විනා, හිස් ලෙස විඳවමින් ගත කළ යුත්තක් නොවේ.ජීවිතයක් මරණයත් අතර ඇති වෙන් කළ නොහැකි සබැඳියාව පිළිබඳ අවබෝධය නිසා ම, සදාකාලික ජීවනයක් පිළිබඳ හිස් අපේක්ෂාවලට ඔහුතුළ ඉඩක් නැත.
ජීවිතය මරණයෙන් වෙන් කළ නො හැකි බව ත්, හට ගත් සියල්ල නිශ්චිත ලෙස ම අභාවයට යන බවත් දකිනා තැනැත්තා තුළ සිදු වන්නේ කුමක් ද..? ජීවිතය නිත්‍යව පවත්වාගෙන යන්නට දරණු ලබන, සියලූ මානසික ක‍්‍රියාදාමයන් අහෝසි වී යන්නට පටන් ගැනීම යි. අනිත්‍ය දේ කෙරෙහි පවතින ඇල්ම දුරු වී යන්නට පටන් ගැනීම යි. ජීවිතය පිළිබඳ පරිපූර්ණ උපේක්ෂාවක් ඇති වන්නට පටන් ගැනීම යි. සියල්ල අනිත්‍ය බවත්, දුක් බවත්, අනාත්ම බවත් පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කරගන්නා උත්තමයා තුළින් ලෝකය කෙරෙහි පවතින සියලූ ඇල්ම නිරුද්ධ වී යන්නේ ය. මම මගේ යනුවෙන් ඇතිවන හැඟීම් සියල්ල අංශුමාත‍්‍රයක් හෝ ඉතුරු නැතිව, නිරුද්ධ වී යන්නේ ය.
එය මේ ජීවිතයේ දී ම සියලූ රෝගයන් ගෙන් නිදහස් වී පරම නීරෝගී භාවයට පත් වීම යි. සියලූ ජරාවෙන් නිදහස් වී පරම යෞවනත්වය සාක්ෂාත් කිරීම යි. මරණයට පෙර ම මරණය මරා දැමීම යි.
යම් තැනෙක මමෙක් නැතිනම්, මාගේ කියා දෙයක් ද නැති නම්, ලෙඩ වන්නට අයෙක් කොහි ද..?
මමත්වය කිසිදු අයුරකින් නැත්නම්, දිරායන්නට මමෙක් කොහින් ද..?
යම් තැනක දිරා යාමක් නැති නම්, එතැන මරණයට ඉඩක් තිබේ ද..?
මෙසේ සියලු ආකාරයෙන් ජරා මරණ ඉක්මවා ගිය මුණිවරයා පරිපූර්ණ ශාන්තභාවයට, නිවීයෑමට පත්වේ.
ඒ පරම ශාන්තිය අත් කරගැනීමට නම්, අප විසින් සිදු කළ යුත්තේ කුමක් ද.?
ජීවිතයෙහි ඇති අනිත්‍යතාවය ඉතා හොඳින් සිහි කිරීම ය. ලෝකයෙහි ඇති සංකත ස්වභාවය, සිය වසඟයෙහි පැවැත්විය නො හැකි ස්වභාවය, නිතර මෙනෙහි කිරීම ය. එසේ මෙනෙහි කිරීම තුළින් ක‍්‍රමක‍්‍රමයෙන් ලෝක දුකින් නිදහස් වීමේ භාග්‍ය අපට උදාවෙනු ඇත.
එසේ ම ලෝකය කෙරෙහි ඇති දැඩි ඇල්මත් ගැටීමත් දුරු කරමින්, සිතට නැෙඟනා අකුසල් දුරු කිරීමේ වීරියෙන් යුතු ව, සිහියත් නුවණත් පිහිටුවාගෙන, ශරීරයෙහි යථා ස්වභාවය නිරන්තරයෙන් දකිමින් වාසය කරන්නට අප උත්සාහ කළ යුතු ය.
ඒ අයුරින් ම, වේදනාවන් ගේ ද, සිතෙහි ද, ධර්මයන් ගේ ද යථා ස්වභාවය දකිමින් වාසය කරන්නට උත්සාහ කළ යුතු ය.
මෙසේ සතර සතිපට්ඨානයන් හි ඉතා හොඳින් සිහිය පවත්වන විට, ලෝක යථාර්ථය අවබෝධ කරගන්නට අපට හැකි වනු ඇත.
මේ අතර ම විශේෂයෙන් මතක තබා ගත යුත්තක් තිබේ. එනම් අපට පමා වීමට කාලයක් නැති බව යි. මේ දැන් ද අපේ ශරීරය, වේගයෙන් දිරා ය යි. මේ මොහොතේ ද, ජරාව විසින් ජීවිතය නම් වූ සංඛතය මඩිමින් තිබේ. තව නොබෝ කලකින්, අතපය වාරු නැති තරමට ම, කය සෘජුව තබා ගත නො හැකි වන තරමට ම ජරාව විසින් මේ සිරුර යටපත් කොට දමනු ඇත. ඊට පළමුව, ජරාවට පත් වුව ද ශාන්තව සිටිය හැකි ස්වභාවය ඇති කරගැනීම සඳහා වීරිය ආරම්භ කළ යුතු ය. එම වීරිය ඇරඹීම කල් දැමිය යුත්තක් නොවේ.
නමුත් සාමාන්‍ය ලෝකයා සිදු කරන්නේ කළ යුතු ම දේ වන එම කර්තව්‍ය දිනෙන් දිනට කල්දැමීමකි. එම කල්දැමීම අවසානයේ කිසිදා ආරම්භ නො කරන තැන දක්වාම කල් දමති. අප සසර ගමනේ මෙතෙක් දුර ගෙවා ආවේ ඒ අයුරිනි. මෙවර ද එම කල්දැමීම දිගින් දිගට ම සිදු කරගෙන ගියහොත්, නැවතත් දිරණ මැරෙන ලෝකය සමඟින් උපදින්නට අපට සිදු වනු ඇත. එනිසා, වහ වහා සිහිනුවණ පිහිටුවාගෙන, දහමේ හැසිරීමට නො පමා වන්න.

අපි ලෝකයේ ඉපිද සිටින්නෙමු. ඇත්ත වශයෙන් ම කියන්නේ නම්, අපත් සමඟ අපේ ලෝකය ඉපිද තිබේ. එසේ උපන් දුක නම් වූ ලෝකය මුළුමණින් ම සංඛතයකි. එනම් හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යන එකකි. හරවත් කිසිවක් නැති, සාරයෙන් ශූන්‍ය එකකි.

මතු බුදු වන බුදුරජණන්වහන්සේලා දස නම


Photo: ලක් දෙරණ සිසාරා බුදු ගුණ පැතිරෙවා,එම බුදු ගුණ බලයෙන්
ඔබ සියලූම දෙනාට යහපතක්ම වේවා !!!!!
╔══════════════════════════╗
LIKE US ➨ https://www.facebook.com/R.SRILANKAN ╚══════════════════════════╝
➲ Like ➲ Comment ➲ Share
මතු බුදු වන දස දෙනකු ගැනයි
(පූර්ණ ගෞරවය නමස්කාර පිටුවට සහ හසන්ත වාසනා සමරසිංහටය)
ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
මෙම ලිපිය මගින් ඉදිරිපත් කැරෙන මතු බුදු වන දස බෝසත්වරුන් පිළිබඳ පුවත අප බෞද්ධ සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ, බොහෝ දෙනා නොදන්නා කථාවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අප ගෞතම බුදුරදුන්ගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වෙතැ යි සැලැකෙන්නාහු මෙත්තෙය්‍ය (මෛත්‍රේය) බෝසත්හු ය. උන් වහන්සේගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් පිළිබඳ ව සඳහන් වන, දැනට හමු වී ඇති එක ම ථේරවාදී කෘතිය ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ යි. ඒ අනුව මෙහි මෛත්‍රේය බෝසතුන් ඇතුළු ව මතු බුදු වන බෝසත්වරුන් දස දෙනකු පිළිබඳ ව සඳහන් වේ.
සංස්කාරක හිමියන් සඳහන් කරන ආකාරයට මෙම කෘතිය 1926 දී ඩී. ආර්. පෙරේරා විසින් අඹතැන්න විද්‍යාලතා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා තිබේ. ඒ පාලි පෙළ හා ශාස්ත්‍රීය නොවන පරිවර්තනයක් ද සමගිනි. එම කෘතිය සංස්කාරක හිමියන් අතට පත් වන්නේ වේයන්ගොඩ යටගම ශ්‍රී නාගවනාරාම පුස්තකාලයෙනි. තව ද මෙම කෘතිය මීට පෙර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස හිමියන් විසින් රෝමානු අකුරින් ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද සමගින් 1975 දී එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් මුද්‍රණය කරවා ඇත. එම කෘතිය අප අතට ද පත් විය. ආචාර්ය විජිතධම්ම හිමියන්ගේ පාලි - සිංහල දසබෝධිසත්තුප්පත්තිකථා සංස්කරණයට මූලික පදනම වන්නේ යථෝක්ත සංස්කරණ දෙක ය.
දසබෝධිසත්තුප්පත්තිකථාවේ සඳහන් බෝස-ත්වරුන් දස දෙනා නිරූපණය කැරෙන පැරැණි සිතුවම් දෙකක් දැනට හමු වී ඇත. ඒ මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාර සිවිලිමෙන් හා රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙන් ය. එයින් පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දී මෙම දසබෝසත්වරු පිළිබඳ කථාව ජනපි‍්‍රය ව පැවැති බව යි. පාලි බුද්ධ දේශනා සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් වන මෙය සම්පූර්ණයෙන් ම ගද්‍ය කෘතියකි. ග්‍රන්ථය අවසානයේ පමණක් පද්‍ය හෙවත් ගාථා දෙකක් දක්නට ලැබේ. දසබෝධිසත්තුප්පත්තිකථාවේ උද්දේස හෙවත් පරිච්ඡේද දහයකි. ඒවා ඒ ඒ බුදුවරුන්ගේ නම්වලින් ම හඳුන්වා ඇත. ඒ මෙසේ ය:
01. මෛත්‍රේය සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
02. රාම සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
03. ධම්මරාජ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
04. ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
05. නාරද සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
06. රංසිමුනි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
07. දේවදේව සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
08. නරසීහ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
09. තිස්ස සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
10. සුමඞ්ගල සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
මෙම බෝසත්වරුන් ගෞතම බුද්ධ සමයෙහි හැඳින්වූ නම් සහ බුදු වන විට ලබන නම් මෙසේ ය: (මෙහි 01 සිට 10 දක්වා පිළිවෙළ දඹුලු විහාර රූපයේ දකුණේ සිට වමට පිළිවෙළින් අදාළ වේ):
01. අජිත තෙරුන් - මෛත්‍රේය සම්මා සම්බුදු රදුන්
02. රාම රජු - රාම සම්මා සම්බුදු රදුන්
03. පසේනදි කොසොල් රජු - ධම්මරාජ සම්මා සම්බුදු රදුන්
04. අභිභූ දෙව්රජු - ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන්
05. දීඝසෝණ රාහු අසුරින්ද – නාරද සම්මා සම්බුදු රදුන්
06. චඞ්කී බාහ්මණයා - රංසිමුනි සම්මා සම්බුදු රදුන්
07. සුභ බ්‍රාහ්මණයා - දේවදේව සම්මා සම්බුදු රදුන්
08. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා - නරසීහ සම්මා සම්බුදු රදුන්
09. ධනපාලක ඇතා - තිස්ස සම්මා සම්බුදු රදුන්
10. පාරිලෙය්‍යක ඇතා - සුමඞ්ගල සම්මා සම්බුදු රදුන්
අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:
“ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රේය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද?” යනුවෙනි. ගෞතම බුද්ධ සමයේ අජිත තෙරුන් නම් මතු බුදු වන මෙත්තෙය්‍ය හෙවත් මෛත්‍රේය බෝසත්හු ය. තව ද මෙම මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම පිළිබඳ ව ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ බව පාළි ත්‍රිපිටකයේ ද සඳහන් වේ. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයෙහි ද මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ව කරුණු සඳහන් වේ. කෙසේ වෙතත් මෙහි දී සැරියුත් තෙරුන් නැගූ පැනයට බුදු රදුන්ගේ පිළිතුර මෙය විය:
“සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය” යනුවෙනි.
මෙසේ වදාළ බුදු රජාණන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. අනතුරු ව සැරියුත් තෙරණුවෝ හුනස්සෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ මතු බුදු වන දස බුදුවරුන් පිළිබඳ ධර්ම දේශනාව වදාරන මෙන් ඉල්ලා සිටියහ. සැරියුත් තෙරුන්ගේ ආරාධනාව පිළිගත් බුදු රජාණන් වහන්සේ දසබෝධිසත්තුප්පත්තිකථාව ගෙන හැර වදාළ සේක. මෙම කථාවේ පළමු උද්දේසය වෙන් වන්නේ ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෙත්තෙය්‍ය බෝසතුන් වෙනුවෙනි.
මෙහි දී පළමුවෙන් සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම්: ලංකාවේ බොහෝ දෙනා සිතා සිටින අන්දමට ‘මෛත්‍රේය බෝසතුන් හා නාථ දෙවි යන දෙදෙන එක් අයෙකි’ යන කාරණාව පිළිබඳ ව ය. එසේ හඳුනාගන්නා බොහෝ ලාංකික බෞද්ධයෝ මෙත් බෝසතුන් යැ යි නාථ දෙවියන්ට පුද-පූජා පවත්වති. එහෙත් මොරටුවේ සාසනරතන හිමියන් කරුණු දක්වන හැටියට මේ දෙදෙන එක් අයෙක් නො ව, දෙදෙනෙකි. උන් වහන්සේට අනුව නාථ දෙවි යනු අවලෝකිතේශ්වර ය. ලංකාතිලක ලිපිය, අස්ගිරි විහාර ලිපිය, පැපිළියානේ ලිපිය හා ගඩලාදෙණි ලිපිය ද මේ දෙදෙනා දෙදෙනකු බව දක්වයි. තොටගමු විහාරය නාථ දෙවියන් ඇදහීම පිළිබඳ ව ප්‍රසිද්ධ තැනකි. (ලක්දිව මහායාන අදහස්, 387-388 පිටු).
මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනාව වරදවා තේරුම් ගත් බොහෝ බෞද්ධයෝ ගෞතම බුදු සසුනේ දී නිවන් පසක් කිරීම පසෙක ලා අවිචාරවත් ලෙස මෛත්‍රේය බුදු රදුන්ගේ සසුන පතති. මෙය කලෙක පටන් සිදු වන්නකි. ගෞතම බුදු රදුන් මෙවැනි දේශනාවක් කළේ ශ්‍රාවකයන් අප්‍රමාදී ව තම-තමන් ම පිහිට කොට තම-තමන් ම සරණ කොට ධර්මය සරණ කොට හික්මවනු සඳහා ය. ඒ බව චක්කවත්ති සූත්‍රයෙහි මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම දක්වන තැන විස්තරයෙන් ම පැහැදිලි වේ. ගෞතම බුදු සසුන මගහැරුණු සත්ත්වයන්ට තවත් බොහෝ කාලයක් බුදු සසුනක පහළ වීම වෙනුවෙන් ගත කළ යුතු බව ඉන් අවධාරණය වෙයි.
ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෛත්‍රේය බෝසතුන් ද ලොව පහළ වනුයේ ගෞතම බුදු රදුන් ලොව පහළ වූ මේ මහා භද්‍ර කල්පයෙහි ම ය. ඒ අනුව මේ මහා භද්‍ර කල්පය බුදු වරයන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත වූවකි. එනම් කකුසන්ධ, කෝණාගමන, කස්සප, ගෞතම හා මෛත්‍රේය යන බුදුවරු පස් නම ය. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයට අනුව මෛත්‍රේය බෝසතුන් ලොව පහළ වීමේ විස්තරය මෙසේ ය:
මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රේය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.
බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රේය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.
මේ ආකාරයට මතු බුදු වන මෛත්‍රේය බුදු රදුන්ගේ නොයෙකුත් විස්තර දේශනා කරන්නා වූ ගෞතම බුදු රජාණන් වහන්සේ මෙත්තෙය්‍ය බෝසතුන්ගේ එක් විශේෂ පාරමිතාවක් පිළිබඳ ව ද වදාළ සේක. බුද්ධත්වය පිණිස දහම් පුරන මෙත් බෝසත් තෙම එක් කලෙක කුරු රටෙහි ඉන්දපත්ත නම් නගරයෙහි ශංඛ නම් සක්විති රජු වූයේ ය. එකල්හි සිරිමත නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සිරිමත සම්මා සම්බුදු රදුන් භික්ෂු සඞ්ඝයා සමඟ අනුපිළිවෙළින් චාරිකාවේ වැඩම කරන අතර ශංඛ සක්විති රජුගේ රාජධානියට ද වැඩම කොට, ඉන්දපත්ත නගරයෙන් සොළොස් යොදුනක් පමණ දුර එක්තරා තැනෙක වැඩ හුන් සේක. ශංඛ සක්විති රජු ද එක් සාමණේර හිමි නමකගේ මාර්ගයෙන් සිරිමත බුදු රදුන් ලොව පහළ වූ බව දැන තමා සතු සක්විති සම්පත් එහිමියන්ට දී හුදෙකලා ව ම බුදු රදුන් දැකීමට පිටත් විය.
පයින් ම බුදු රදුන් දැකීමට යන රජුගේ පා සියුමැලි බැවින් බිඳී ලේ ගලන්නට විය. පයින් යාගත නොහැකි හෙතෙම අනතුරු ව දෙදණින් හා දෙඅත්තලින් ගමන් කරන්නට විය. දෙදණින් හා අත්තලවලින් ද ලේ වැගිරෙන්නට වූ කල උරයෙන් ගමන් කරන්නට විය. සිතේ ඇති මහත් වූ බුද්ධ ගෞරවය නිසා බොහෝ දුක් වේදනා සතුටින් ම ඉවසන්නට විය. සිරිමත සම්බුදු රජාණන් වහන්සේ මතු බුදු වන මේ බුද්ධාංකුර තෙම දැක මාණවක වේශයක් මවාගෙන ශංඛ රජු සිටි තැනට වැඩම කොට ඔහු පූර්වාරාමය නම් තමන් වහන්සේ වැඩ සිටිනා වෙහෙරට රැගෙන වැඩි සේක. අනතුරු ව මාණවක වේශය අත්හළ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධශ්‍රීයෙන් වැඩ හිඳ රජුට දම් දෙසූ සේක. තවත් දහම් දෙසුව හොත් තමාට භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට යමක් නැති බැවින් රජු ධර්ම දේ්ශනාව නවත්වන මෙන් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය. මෙය වනාහි මෛත්‍රේය බෝසතුන්ගේ පරමත්ථ පාරමිතාවක් විය. ඒ ශංඛ සක්විති රජු ජීවිත පරිත්‍යාගයෙන් අනතුරු ව තුසිත දෙව් ලොව ශංඛ නම් දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවේ ය.
මේ ආදි වශයෙන් දස බෝධිසත්තුප්පත්තිකථාවේ මෛත්‍රේය බෝසතුන් පිළිබඳ ව වන පළමු උද්දේසය අවසන් වේ. දස බෝධිසත්තුප්පත්තිකථාවෙහි දැක්වෙන මේ කථා පුවතට අමතර ව මෛත්‍රේය බෝසතුන් පිළිබඳ කථා පාලි හා සිංහල සාහිත්‍යයන්හි දැකිය හැකි ය. මෙම ලිපිය දිගු වන බැවින් මින් ඉදිරියට අනෙකුත් බෝසත්වරුන් නව දෙනා පිළිබඳ කථා අතිසංක්ෂිප්ත ව දැක්වේ.
මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය. අසඞ්ඛෙය්‍ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්‍යාවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.
එම බුද්ධ ශූන්‍ය එක් අසඞ්ඛෙය්‍ය ඉක්මවා ගිය කල්හි බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වන මණ්ඩ කල්පයක් වන්නේ ය (මණ්ඩ කල්පය යනු කුමක් දැ යි නිශ්චිත ව පැවසිය නොහැකි අතර, අපගේ වැටහීමේ හැටියට නම් මණ්ඩ කල්පය යනු බුදු වරයන් වහන්සේලා දෙ නමක් පහළ වන කල්පය යි. එහෙත් මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ ශබ්දකෝෂයෙහි එයට අරුත් දක්වා ඇත්තේ සුන්දර කල්පය හා බුදුවරයන් පහළ වන කල්පය යනුවෙනි). මේ මණ්ඩ කල්පයෙහි රාම හා ධර්මරාජ යනුවෙන් සම්මා සම්බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. එහි ද මිනිසුන්ට අසඞ්ඛෙය්‍යයක් ආයු පිරිහී ගොස් මිනිස් ආයුෂ වසර මිලියන දහයක් වූ කල රාම බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආයාචනය පරිදි තුසිත භවනයෙන් චුත ව මිනිස් ලොව උපදින්නා හ. උන් වහන්සේගේ ආයු ප්‍රමාණය වසර මිලියන දහයකි. ගිහි ගෙයි වසර නවදහසක් කල් වැස අභිනිෂ්ක්‍රමණය කරන්නා වූ ඒ බෝසත් තෙම චන්දනසාර හෙවත් සඳුන්සාර වෘක්ෂය බෝධිය කොට ගෙන බුද්ධත්වයට පත් වන්නා හ. අසූ රියනක් උස් වන්නා වූ මේ බුදු රදුන්ගේ බුදු රැස් අහස පුරා නිතර විහිදී පවතින්නේ ය. තව ද උන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් සියලු අලංකාරයන්ගෙන් පිරිපුන් එක් දිව්‍ය කල්ප වෘක්ෂයක් පහළ වන අතර, සියලු ජනයා එය පරිභෝග කරමින් සුව සේ ජීවත් වන්නා හ.
මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙන සුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය.
නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.
රාම සම්මා සම්බුදු රදුන්ගේ සාසනය අවසන් වූ පසු මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී නැවතත් පිරිහී මිනිසුන්ගේ ආයුෂ වසර පනස් දහසක් වන කල පසේනදි කොසොල් රජු පුරන ලද පාරමී ඇති ව ධම්මරාජ නම් සම්මා සම්බුදු රදුන් වන්නේ ය. උන් වහන්සේ දිගින් රියන් හැටක් වන අතර නාග වෘක්ෂය බෝධිය වන්නේ ය. ගෞතම බුද්ධ ශාසනයෙහි පසේනදි කොසොල් රජු නමින් හැඳින්වුණු ධම්මරාජ බෝසත් තෙම කෝණාගමන සම්මා සම්බුදු රදුන්ගේ සසුනෙහි සුද්ධ නම් මාණවකයා විය. මේ සුද්ධ මාණවකයා එක් පියුම් විලක් රකිමින් ජීවත් වූ අතර දවසින් දවස පියුම් දෙක බැගින් විකුණා එයින් ලැබූ මුදලින් සහල් නැළි හතක් ලබා ජීවත් විය.
දිනක් පියුම් දෙකක් ගෙන විකිණීමට යන සුද්ධ මාණවකයාට කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබිණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයාට “ඔබ මතු බුදු වන්නේ යැ” යි වදාරා ඒ පිළිබඳ විස්තර වදාළ සේක. බුද්ධ වචනය අසා සිත පැහැදුණු සුද්ධ මාණවකයා තමා අත තිබූ පියුම් දෙක භාග්‍යවතුන් වහන්සේට පිදුවේ ය. පියුම් ලැබූ බුදු රජාණන් වහන්සේ ඒ පියුම් මත්තෙහි වැඩ හුන් සේක. තව ද සුද්ධ මාණවකයා බුදු රදුන්ට සූර්ය තාපය නොවැදීම පිණිස දඬු සතරක් ගෙන සිවු දිශාවන්හි ඔසවා වස්ත්‍ර දෙකක් ගෙන දඬුවලින් වට කොට වසා ඒ සියලු දානයන්ගේ ඵලයෙන් උතුම් බුද්ධත්වය ම පැතුවේ ය. මේ ආදි වශයෙන් කෝණාගමන බුද්ධ ශාසනයෙහි නොයෙක් පින්කම් කළ හෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ද කොසොල් මහ රජු වී නොයෙක් පින්කම් කළේ ය. මෙලෙස අතීතයේ පටන් අනාගතය දක්වා පිරූ සහ පුරන්නා වූ පාරමිතාවන්ගේ බලයෙන් ධම්මරාජා බෝසත් තෙම මතු මණ්ඩ කල්පයෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය.
රාම හා ධම්මරාජා සම්බුදුවරුන් වැඩ සිටින්නා වූ මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වී සාර කල්පයක් ඇති වන්නේ ය. අභිභූ නම් දෙව්රජු එම කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. වසර දහසක් ආයු ඇති උන් වහන්සේ අසූ රියන් උස් වන්නා හ. සල් වෘක්ෂය බෝධිය වන්නා වූ එම බුදු රදුන්ගේ බුද්ධානුභාවයෙන් නිධානයක් පහළ වන අතර, සියලු මිනිස්සු එය නිසා සැප සේ ජීවත් වන්නා හ. මෙම ධම්මස්සාමි බුදු රදුන්ගේ ද එක් පාරමිතාවක් ප්‍රකට ය. එම බෝසත් තෙම කාශ්‍යප බුද්ධ සමයෙහි බෝධි නම් ඇමැතියා විය.
වරෙක කාශ්‍යප බුදුන් වහන්සේ ඵලසමවතින් නැගී සිට ජේතවන ආරාමයේ වැඩ සිටි සේක. එකල කිකී නම් මහ රජු ඵලසමවතින් නැගී සිටි අයකුට දෙන දානයේ විපාක දැන බුදු රදුන්ට දානයක් දීමට සිතා “කිසිවකු බුදු රදුන්ට පළමු ව දන් නො දිය යුතු ය. එසේ දුන හොත් ඔහුට දඬුවම් වන්නේයැ” යි පවසා බෙර හැසිරවී ය. එහෙත් ශ්‍රද්්ධාවෙන් ම ඔද වැඩුණු බෝධි ඇමැතියා රජ අණ නොතකා බුදු රදුන්ට දන් දීමට සූදානම් වී වෙහෙර වෙත ගියේ ය. අතරමග දී රාජ පුරුෂයන් අතට පත් වුණු ඇමැතියාට රජ අණ කඩ කිරීම නිසා මරණ දඬුවම හිමි විය. ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වධක ස්ථානයට වැඩම කළ සේක. ඇමැතියාගේ මරණයට මොහොතකට පෙර බුදු රදුන්ට දන් දීමට අවස්ථාව උදා විය. බුද්්ධානුභාවයෙන් පහළ වූ දානය හෙතෙම බුදු රදුන්ට ම දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ ඔහුට මතු බුදු වන බව දක්වා විවරණ දුන් සේක. බුදුන් වහන්සේ නික්ම වැඩම කළ සේක. ඇමැතියා දන් දෙන්නට ගොස් රජ අණ කඩ කිරීම හේතුවෙන් මරණය උරුම කරගති. මරණින් පසු ඔහු තුසිත පුරයෙහි උපන්නේ ය. මෙය වූකලි මතු බුදු වන ධම්මස්සාමි බුදු රදුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව යි.
ධම්මස්සාමි බුද්ධ ශාසනය ඉක්ම ගිය කල්හි බුද්ධ ශූන්‍ය වූ එක් ලක්‍ඛණ කල්පයක් වන්නේ ය. ඉන් පසු උදා වන බුදු වරයන් දෙනමකගෙන් සමන්විත මණ්ඩ කල්පයෙහි නාරද හා රංසිමුනි නමින් බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. නාරද නමින් බුද්ධත්වයට පත්වන්නේ දීඝසෝණ නමින් ප්‍රකට රාහු අසුරින්දයා ය. මෙහි රාහු අසුරින්දයා විශාලතම ශරීර ඇති අය අතර අග්‍රස්ථානයට ම වැටෙන්නෙකි (ඒතදග්ගං භික්ඛවේ අත්තභාවීනං යදිදං රාහු අසුරින්දෝ). රංසිමුනි නමින් සම්බුද්ධත්වයට පත් වන්නේ මේ බුදු සසුනේ චඞ්කී නම් බ්‍රාහ්මණයා ය.
රංසිමුනි බුදු රදුන් වැඩ සිටි මණ්ඩ කල්පය ඉක්ම ගිය කල්හි තවත් එක් මණ්ඩ කල්පයක් වන්නේ ය. එම මණ්ඩ කල්පයෙහි දේවදේව හා නරසීහ යනුවෙන් සම්බුදුවරු දෙනමක් පහළ වන්නා හ. මේ කල්පයෙහි පළමුවෙන් ම බුද්ධත්වයට පත් වන දේවදේව බුද්ධ තෙම නම් සුභ බ්‍රාහ්මණයා ය. එහෙත් සුභ නම් මාණවකයකු පිළිබඳ ව මිස සුභ නම් බ්‍රාහ්මණයකු පිළිබඳ කරුණු ත්‍රිපිටකයෙන් සොයාගැනීමට නොහැකි තරම් ය. එය කෙසේ වෙතත් මේ තෙම කෝණාගම බුද්ධ සමයෙහි ඡද්දන්ත නාග රාජයකු වී උපන්නේ ය. සර්වඥතා ඥානය ම කැමැති වන ඒ බෝසත් නාග රාජ තෙම පිරිනිවන් පෑ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ නමකගේ දේහයට කළ යුතු අවසන් කටයුතු මහත් ගෞරවයෙන් ම සිදු කළේ ය. මෙය වනාහි එම දේවදේව බෝසතුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව ය.
දේවදේව සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි එම කල්පයෙහි ම ගෞතම බුදු සසුනෙහි තෝදෙය්‍ය නමින් ප්‍රකට ව සිටි බමුණා නරසීහ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ තෝදෙය්‍ය බමුණා කාශ්‍යප සම්බුදු සසුන පිරිහී ගෞතම සම්බුදු සසුන පහළ වන්නට පෙර කල්හි නන්ද නම් මාණවකයෙක් විය. පිඬු සිඟා වඩින එක් පසේබුදු වරයන් වහන්සේ නමක් දුටු හෙතෙම පැහැදුණු සිතින් දන් පූජා කොට සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ ය.
නරසීහ සම්බුදු සසුන පිරිහී එම කල්පය ද ඉක්ම ගිය කල්හි බුදු වරයන් පහළ නොවන එක්බුද්ධ ශූන්‍ය කල්පයක් වන්නේ ය. එම බුද්ධ ශූන්‍ය කල්පය ද ඉක්ම ගිය කල්හි තවත් බුදු වරයන් වහන්සේලා දෙනමකගෙන් ප්‍රතිමණ්ඩිත මණ්ඩ කල්පයක් වන්නේ ය. එහි පළමුවෙන් ම තිස්ස නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. උන් වහන්සේ දිගින් අසූ රියන් උස් වන්නා හ. නුග රුක බෝධිය කොටගන්නා උන් වහන්සේට වසර අසූ දහසක් ආයු වන්නේ ය. උන් වහන්සේ විසින් පෙර කරන ලද පින් බලයෙන් එම සසුනෙහි ද නොයෙක් අසිරි වන්නේ ය.
තිස්ස සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි පාරිලෙය්‍යක නමින් ප්‍රකට ඇත් රජු සුමඞ්ගල නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ පාරිලෙය්‍යක ඇත් තෙමේ පෙර කකුසන්ධ බුද්ධ සමයෙහි මහාපනාද නම් සක්විති රජ වී ධර්මය වෙනුවෙන් දිවි පිදුවේ ය. ඔහු එම ජීවිත දාන ඵලයෙන් මතු වසර දහසක් ආයු ඇති සුමඞ්ගල නම් බුදුවරයා වන්නේ ය.
මේ ආදි වශයෙන් දසබෝධිසත්තුප්පත්ති-කථාවෙහි මතු බුදු වන බුදුවරයන් වහන්සේලා දස නමකගේ තොරතුරු අන්තර්ගත වේ. අර්ථීහු එය කියවා වැඩි දුර විස්තර දැනගනිත්වා! ථේරවාද බුදු සමයෙහි කුමන දේශනාවක වුව මුඛ්‍ය අරමුණ වනුයේ පුද්ගලයා නිවනට අප්‍රමාද කරවීම ය. ඒ අනුව දසබෝධිසත්තුප්පත්තිකථාවෙහි එන මේ බුද්ධෝත්පාදයන්ගේ දුර්ලභ බව දැන වහ-වහා මේ බුදු සසුනෙහි කළ යුතු දෑ වෙනුවෙන් වීර්ය කට යුතු ය. ඒ අප මාරයා සමඟ ඇති කරගත් ගිවිසුමක් නැති බැව් ද සිහියේ තබාගෙන ම ය. ද
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් දීඝනිකාය 03, අඞ්ගුත්තරනිකාය 02 යන ත්‍රිපිටක ග්‍රන්ථ, මොරටුවේ සාසනරතන හිමියන්ගේ ‘ලක්දිව මහායාන අදහස්’ කෘතිය හා මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ පාලි සිංහල ශබ්දකෝෂය ද ඇසුරු කරණි).
ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

Wednesday, July 2, 2014

සම්මා සම්බුද්ධ ගුනය


සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධොඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වන සේක.
ඊළඟ පුර පසළොස්වක පෝය දක්වාම මෙම භාවනාව පුරුදු පුහුණු කරගත යුතුය. මෙහි ප්‍රථම පාඩම පසුගිය මාසයේදී ඉදිරිපත් විය. මේ එහි දෙවැනි පාඩමයි. දවස පුරාම “ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධො” කියා මෙනෙහි කරන්න. එහි අර්ථය පහත දැක්වේ. එම කොටස සජ්ඣායනා කරන්න. මතක තබා ගැනීමට උත්සාහවත් වෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා වාගේ දැනේවි.

බොදු දිවි පෙවෙත හඳුනා ගනිමු



නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
යෝ පාණමතිපාතේතී
මුසාවාදඤ්ච භාසතී
ලෝකේ අදින්නං ආදියති
පරදාරඤ්ච ගච්ඡති
සුරාමේරය පානඤ්ච
යො නරෝ අනුයුඤජති
ඉධේව මේ සෝ ලෝකස්මිං
මූලං ඛණති අත්තනෝ
(ධම්මපදය මලවග්ගය 12, 13)



නැණවතුන් පසසන මහඟු යුතුකම


අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ. තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.

“නමෝ තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
යො මාතරංවා පිතරංවා -
මච්චො ධම්මෙන පොසති
තායං න පාරිචරියා -
මාතා පිතූසු පණ්ඩිතා
ඉධවෙ නං පසංසන්ති -
පෙච්ච සග්ගෙ පමොදති.


පින්වත්නි,

මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ටත් අනුන්ටත් හිතකර මෙලොවත් පරලොවත් දියුණුව සලසන උතුම් දහමකි. ධර්මෝපදේශ රාශියක් අන්තර්ගත එහි ඒ හැම උපදේශයක්ම නුවණැති උත්සාහවත් මනුෂ්‍යයකුට ක්‍රියාත්මක කළ හැකි වේ. එබඳු ඉගැන්වීම් දෙස බලන බුද්ධිමත් නූතනලෝකයා පවා අදත් බුදුදහම කෙරෙහි සිත් ඇද ගනිති. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව සත්ව ජීවිත කෙරෙහි බලපාන සාධක රාශියක් තිබේ.
සත්වයා විසින් කරනු ලබන කර්ම ඔහුගේ ජීවිතය කෙරෙහි බලපාන ප්‍රධානම සාධකය වෙයි. සුබ මානවකයාගේ පියා වූ තෝදෙය්‍ය බමුණාගේ ජීවිතය ඊට නිදසුනක්. පුද්ගලයා කරන හොඳ, නරක ක්‍රියාවන්ට ලැබෙන විපාකවලට වගකිවයුත්තේ ද එම පුද්ගලයාම බව චුල්ල කම්ම විභංග සූත්‍රයේ පැහැදිලි කර තිබෙනවා. තමාගේ විමුක්තිය ඇත්තේ තමා තුළම බවත්, අනිත් කෙනෙකුට තමාගේ විමුක්තිය සලසාදීමට නොහැති බවත් දමනය කර ගන්නා ලද පසිඳුරන් ඇති තමා විසින්ම දුර්ලභ වූ නිවන් සුවය අත්පත් කරගන්නා බවත් කුමාරකාශ්‍යප මාතාව නිමිති කරගෙන දේශනා කර තිබේ.
පින්වතුනි, මෙලොව ජීවත්වන අප හැම කෙනෙක්ම කුඩා අවදියේ සිට මරණය දක්වාම ජීවිතයේ විවිධ අවස්ථා පසු කරනවා. ඒ ඒ අවස්ථාවලදී ඉටු කළ යුතු අප සතු යුතුකම් මොනවාදැයි හරිහැටි වටහාගෙන ක්‍රියා කළොත් අපේ ජීවිතය සාර්ථක කර ගත හැකි වේ.
තමා සතු යුතුකම් මැනවින් ඉටු කළහොත් ඒ තැනැත්තා සමාජයේ පි‍්‍රයමනාප පුද්ගලයකු වන බව “ධර්මයේ” සඳහන් වේ. අප හැම කෙනකු විසින්ම ඔවුනොවුන්ට ඉටුකළ යුතු යුතුකම් රාශියක් තිබේ. සිඟාලෝවාද සූත්‍රය, මහා මංගල සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී ඉතා ප්‍රසිද්ධ සූත්‍ර දේශනා රාශියක එම යුතුකම් සඳහන් වෙයි.
සමාජයේ ජීවත්වන ඒ ඒ පුද්ගලයන් සතු යුතුකම් මොනවාදැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. එම සිඟාලෝවාද සූත්‍රයේ දී මව්පිය, දූ දරු, ගුරු, ශිෂ්‍ය, ස්වාමි, භාර්යා, හිත, මිතුරු, ස්වාමි, සේවක, ගිහි පැවිදි යනුවෙන් මුළු සමාජයම දිසා වශයෙන් හයකටත් පුද්ගලයන් වශයෙන් කොටස් දොළහකටත් බෙදා ඒ ඒ පුද්ගලයන්ගෙන් ඉටු විය යුතු යුතුකම් සියල්ල උගන්වා තිබේ. එමකොටස්වලට ඇතුළත් නොවන කිසිවෙක් මනුෂ්‍යයන් අතර නැහැ.
මේ යුතුකම් මඟින් සමාජයට අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධ කර තිබේ. සිගාල ගෘහපති පුත්‍රයාට බුදුරදුන් වදාළ සදිසා පිළිබඳ සියලු කරුණු එක්කොට ගත්විට වගකීම් හා යුතුකම් අතර ඇති සම්බන්ධය පැහැදිලි වේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සදිසාවෙන් එක් දිශාවක් පෙන්නුම් කළේ දෙමාපියන් පිළිබඳවය. උන්වහන්සේත් එම උදාර ගුණය පුරුදු කළහ. බෝධිසත්ව කාලයේ දීත් බුද්ධත්වයෙන් පසුවත් මව්පිය උපස්ථානය ආදර්ශයෙන් පෙන්නුම් කළහ. මාතු පොසක ජාතකය, සාම ජාතකය ඊට නිදසුන්ගෙන් කීපයකි. තථාගතයන් වහන්සේ පස්වැනි වස ගත කළ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ දී දිනක් මහා කරුණා සමාපත්තියෙන් ලොව බලද්දී ශුද්ධෝදන මහ රජතුමා දැඩි ලෙස රෝගාතුරව මරණ මඤ්චකයෙහි සිටින බව දැන ගත්තා එදිනම උන්වහන්සේ භික්‍ෂු පිරිසකුත් සමග කිඹුල්වත්පුර රජ මාලිගාවට වැඩමවා පිය රජුගේ ඇඳළඟ පනවන ලද අසුනෙහි වැඩහිඳ පියාගේ හිසට දකුණත තබා සත්‍ය ක්‍රියා කළහ. විගස හිසේ වේදනාව දුරු වී ගියේය. සත්‍ය ක්‍රියා කරත්ම රජතුමාගේ සියලුම ශාරීරික වේදනා දුරුවී ගියහ.
අනතුරුව සතුටට පත් පියාණන්ට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මයක් දේශනා කළ විට එතුමා උතුම් වූ රහත් ඵලයට පත් වූහ. තම මවට සැළකීම සඳහා තව්තිසා දිව්‍ය ලෝකයට වැඩඬම කර විජම් බණ, දේශනා කර මාතෘදිව්‍ය රාජයා ඇතුළු දේව සමූහයාට ශාන්තිය සැලැස්වූහ. පින්වතුනි අපේ අම්මාගේ තාත්තාගේ දරු සෙනෙහස සිවියත් සමත්, මසත්, නහරත්, ඇටත්, විනිවිද ගොස් එයින් නොනැවතී ඇට මිදුලුව හැපී පවතී . මවුපියන් විසින් දූ දරුවන් ඇති දැඩි කරනුයේ දහසක් පැතුම් සිත තුළ රඳවාගෙනය. එයින් බලාපොරොත්තු පහක් ගැන සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කොට තිබේ. මවුපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු කරදීම, පරපුර ආරක්‍ෂා කිරීම, මව්පියන් දුන් ධනය රැකීම සහ මියගිය දෙමාපියන්ට පින්දීමය.
එම කරුණු පහෙන් දරුවන් දෙමාපියන්ට සංග්‍රහ කළ යුතුව තිබේ. දූ දරුවන්ගෙන් මෙම සංග්‍රහ ලැබීම දෙමාපියන්ගේ අයිතියකි. ඒ කරුණු එසේ ඉටු කිරීම දරුවන්ගේ යුතුකම සහ වගකීම වේ. දූ දරුවන් කෙරෙහි ඉටු කළ යුතු දෙමාපියන් සතු යුතුකම් ඉටුවන විට එම දූදරු, මව්පිය දෙපක්‍ෂය අතර අන්‍යොන්‍ය සමගිය හා සාමය ඇති වේ. යහපත් සමාජයක් ගොඩනැඟීමේ පදනම එයින් ඇති වේ. ආචාරශීලී ගුණ ගරුක දෙමාපියන්ගේ දරුවන් යහපත් ගුණවතුන් වේ.
මංගල සූත්‍රයේ දී දෙලොව දියුණුව ඇති කරන කරුණු දේශනා කරන බුදුරජාණන් වහන්සේ ‘මාතා පිතූ උපට්ඨානං’ මවුපිය උපස්ථානය මංගල කරුණක් බව දේශනා කර තිබේ. ‘යො මාතරං වා පිතරංවා ජිණ්ණකං ගත යොබ්බනං පහුසන්තො නභරති’ යනුවෙන් යම්කිසි දරුවෙකු පිළිවන්කම තිබියදී තම මවුපිය දෙදෙනාට නොසලකන්නේ නම් එය වසල වූ පහත් ගතියක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
මේ කරුණු ගැන මෙනෙහි කර මව්පිය දෙපළ වෙනුවෙන් කළයුතු යුතුකම් නොපමාව ඉටු කරන්න. අපි මවුපියන් හට හොඳින් සලකා මෙම උදාර බෝධිසත්ව ගුණය දියුණු කොට ඒ පින් බෙලෙන් අමාමහ නිවන් සම්පත් ප්‍රාර්ථනා කර ගනිමු.
ඔබ සැමට තෙරුවන් සරණයි.

 
Blogger Templates